සමනල වැව පුරවන්නට අයෙත් බෙලිහුල් ඔයට බැරිවෙයි!

HotLocal

සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී තිබෙනවා.

එහි කාන්දුව වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවී ඇති බව පැවසූ එම නිලධාරින් ජල කාන්දුව වැලැක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බවද සභාවට දැනුම්දී තිබුණා.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වැනිදා රැස්වු අතර මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී.

සුහුරු විදුලි මීටර ලබා ගත් විදුලි පාරිභෝගයකයන්ගේ විදුලි සබඳතා විසන්ධි කෙරෙන අවස්ථාවන්හිදී සබඳතා නැවත ලබාදීමේදී කිසිදු මුදලක් අය නොකරන ලෙස කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

සූහුරු විදුලි මීටර ලබා ගත් පාරිභෝගිකයන් හැටදහසක් පමණ රටේ සිටින බවත් මේ වසරේ තවත් සුහුරු විදුලිමීටර තිස් දාහක් සවිකිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීන් මෙහිදී දැනුම් දි තිබෙන බවට වාර්තා වනවා.

Leave a Reply