fbpx

ප‍්‍රබල මාලිමාවකට තුලාවේදී අලියෙක් ගහලා!

HotPoliticalVideos

ස්වාධීන රූපවාහිනියේ පැවති තුලාව වැඩසටහනේදී ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසංග මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා අතර උණුසුම් සංවාදයක් ඇති විය.

ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු පද්ධතිය කඩා වැටෙන්නේ යැයි වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන ලද බවට වරුණ රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මතයි.

වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ තමන් කිසිදිනෙක එවන් ප්‍රකාශයක් කර නැති බවත් කල බවට හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත්ය.

වරුණ රාජපක්ෂ මහතා එම අභියෝගය එහිදී භාරගෙන තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් පළ කරමින් පෙන්වා දී ඇත්තේ වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් එම ප‍්‍රශ්ණගත ප්‍රකාශය සිදු කරන ආකාරයයි.

Leave a Reply