ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධ එකඟවීමේ වයස අවුරුදු 14 දක්වා අඩුකිරීමට යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ සාමාජිකයන් පිරිසක් විරෝධතා ඉදිරිපත් කර තිබේ.
දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන වහා හකුළා ගන්නා ලෙස ඉල්ලා පුද්ගලයන් 150කට අධික සංඛ්‍යාවක් සහ සිවිල් සංවිධාන 55ක් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ සඳහා අත්සන් කර ඇත්තේ 1990 ගණන්වල සිට මේ දක්වා කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් පුළුල් ලෙස කටයුතු කළ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, විද්වතුන් සහ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජ සාමාජිකයන්ය.
මෙරට අපරාධ නීතියට අනුව ලිංගිකත්වයට එකඟවීමට හැකියාවක් නොමැති අයකු ලෙස සළකන බාලවයස්කාර දැරියකගේ ‘කැමැත්ත’ මූලධර්මය සම්පූර්ණයෙන්ම වැරදි ලෙස වටහාගැනීම සහ වැරදි ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත යුතු බව ඔවුහු පවසති.
1995 දී සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයට අනුව වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවකුගේ ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබාදීමේ හැකියාවේ වයස් සීමාව ලෙස වයස අවුරුදු 16 දක්වා ඇති බව එම සංවිධාන පෙන්වා දී තිබේ.
කැමැත්ත ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බාලවයස්කාර දැරියක් සමඟ ලිංගිකව හැසිරීම සාපරාධී වරදක් ලෙස ‘ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය’ යන වරද බොහෝ නීති පද්ධතීන් තුළ නිර්වචනය කර තිබේ.
අත්තනෝමතික ලෙස සඳහන් කර ඇති අවුරුදු 22 වයසට අඩු වැඩිහිටි පිරිමියකු සමඟ ලිංගිකව එක්වීමට, එම වයසට අඩු ගැහැණු ළමයකුට ‘කැමැත්ත’ දියහැකි බවට මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපත්තිමය වෙනසක් යෝජනා කිරීම වැරදි බවත්, ලිංගිකව එක්වීමට කැමැත්ත පළකිරීමේ වයස අවුරුදු 16 සිට අවුරුදු 14 දක්වා අඩුකිරීම වැරදි බවත් එම සංවිධාන පෙන්වා දී තිබේ.
“මෙම ප්‍රතිපත්තිය සකස් කළේ කෙසේදැයි අපි නොදන්නේ නැහැ, එමගින් ගැහැණු ළමුන් ඇතුළු බාලවයස්කාර ළමුන්ට සිදුවන ලිංගික අපයෝජන සිදුවීම් ඉහළ යෑම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති අසාර්ථකත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථයන් පැහැදිලිවම නොසළකා හැරලා. මෙමගින් ඇත්ත වශයෙන්ම ළමා ලිංගික අපයෝජන සඳහා දණ්ඩමුක්තිය දී නීත්‍යනුකූල සංස්කෘතියක් නිර්මාණය කරනවා. වයස අවුරුදු 18ට අඩු බාලවයස්කරුවකු මව්පියන්ගේ භාරකාරත්වයෙන් නිදහස් කිරීම, වෛද්‍ය ප්‍රතිකාර සහ නීත්‍යනුකූල රැකියාවක් කිරීමට කැමැත්ත දීමට ඇති හැකියාව වැනි වෙනත් ක්‍රියා සඳහා හැකියාව ලබාගන්නා වයසට අනුකූල වන බැවින් බාලවයස්කාර දරුවකුගේ ලිංගික කැමැත්ත සඳහා වයස අවුරුදු 16 සීමාව, 1995 සංශෝධනවලදී පිළිගනු ලැබුවා. අප්‍රිකාවේ සහ ආසියාවේ බොහෝ රටවල් ඇතුළුව කැමැත්ත ඇතිව ලිංගිකව එක්වීමට සුදුසු වයස ලෙස අවුරුදු 16 ගෝලීය වශයෙන් පිළිගෙන තිබෙනවා” යනුවෙන් එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.