fbpx

ගෝඨාභයගේ උපදේශකවරයා හෙරෝයින් සමග අත්අඩංගුවට!

HotLocal

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරිරික අභ්‍යාස පුහුණු උපදේශකවරයකු ලෙස කලක් කටයුතු කළ බව කියන හිටපු කොමාන්ඩෝ සෙබළකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 02ක් සමග මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු නැවත රාජකාරියට අනුයුක්ත කිරීමේදී විනය කඩ කිරීමේ හේතු ගණනාවක් හේතුවෙන් කොමාන්ඩෝ බළකායෙන් ඉවත්කර තිබෙන බව පැවසෙන සැකකරු පසුව පාතාලය හා සම්බන්ධතා පවත්වමින් මත්කුඩු ජාවාරමට යොමුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

කොමාන්ඩෝ භට පුහුණුවේදී එකල දක්ෂ සෙබළුන් දස දෙනා අතර සිටි 28 හැවිරිදි සැකකරු අති දක්ෂ වෙඩික්කරුවෙකු බවත්, මොහු පාතාලය හා සම්බන්ධ වී ඝාතන සිදු කළේද යන සැකය මත ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් පොලිසිය පවසයි.

දෙදරු පියකු වන සැකකරු පදිංචිව සිටි නෙල්ලිගල ප්‍රදේශයේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02 ක් පොලිසිය සොයා ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් රැඳවුම් නියෝගයක් මත සැකකරු ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ සිදු කරයි.

කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායකගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක වීරරත්න, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන් (32874) ජයවර්ධන යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply