පිටට පේන්න හිනාවෙලා හිටියට බොහෝමයක් මිනිස්සුන්ගේ ඒ හිනාවන් අස්සෙ තියෙනවා කෑගහලා කියන්න තරම් වේදනාවක් තියෙනවා.
ඒ මිනිස්සු හිතින් විදෙව්වට අනිත් අයට ඒ වේදනාව හරි සංයමයකින් හංගගෙන ඉන්නවා.
හැබැයි ඔවුන් පිටට පේන්න හරි සතුටින් ඉන්නවා.
දෙයක් දරා ගන්න බැරි බොහෝ දෙනෙක් ඔවුන්ගේ අන්තිම ඔප්ෂන් එක විදියට තෝරා ගන්නේ ජීවිතය අත්හරින්න.
සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ සටහන ඔබට ඊට සාක්ෂි සපයනු ඇති.
”සමාජය ගල් ගසා මැරූ 9 වසරේ පුංචි දියණිය
පුංචි කෙල්ලනේ මේ බලන්න.
මේ දියණිය දැන් ජීවතුන් අතර නැහැ. හැමදාම මම ඔයාට කියන්නේ පරිස්සම් වෙන්න කියලා මේ සමාජයෙන්..
ඇයගේ තාත්තාට ස්නායු රෝගයක් තිබුනා.
කාලයක් යද්දි ඇවිදින්න බැරිව අතපය හොලවන්න බැරිව එක්තැන් වුණා.
ගැහැනු ලමයින් තුන් දෙනෙක්ව නඩත්තු කරන එකත් එක්ක සදූගෙ අම්මා මේ තාත්තාවත් බලා ගත්තා..
ඇය කලේ ඇදුම් මහන එක.
ලැබුන කීයෙන් හරි ඇය බෙහෙත්, ගෙදර අඩුපාඩු පිරිමහගත්තා.
අවුරුදු හතරක් එක් තැන් වෙලා ඉදලා සදූගෙ පියා මිය ගියා.
දුක විතරක් නෙමෙයි.. ඒ අසනීපෙ සදූගෙ අක්කාටත් ජාන වලින්ම ඉතිරි කරලයි සදූගෙ තාත්තා ගියේ.
සදූගෙ අක්කාට වයස අවුරුදු 15ක්. කතා කරන්න වැඩ කරගන්න බෑ.
සදූ හරි ලස්සන කෙල්ලක්. ක්‍රියාශීලී දක්ෂ ශිෂ්‍යාවක්. හැමෝගෙම ආකර්ශනය ලැබූ කෙල්ලක්.
ඇය හිටියේ හරිම හිතේ දුකින්. තාත්තා ගැන.. අම්මා ගැන.. අක්කා ගැන වගේම පුංච් නංගි ගැනත්.. පුංච් නංගි ඒ වයසේ අනිත් අය වගේ නෑ. හැසිරීම් ටිකක් වෙනස්..
අම්මා ඇදුම් මහනකොට සදූ අම්මාට උදව් කළා. ඇය ලස්සනට ඉන්න ආස කලා. ඇය කොහොමත් ලස්සනයි.
තවත් මාස ගානක් යද්දි.. සදූගෙනුත් පුංචි පුංච් වෙනස් හැසිරීම් දැක්ක සදූගෙ අම්මා එයාවත් එක්කන් ගිහින් වෛද්‍ය පරික්ෂණ කරා.
තාත්තාගෙ අසනීපෙ සදූටත් එන්න පුලුවන් බව සදූ ඉස්සරහ තියාගෙනම ඒ දොස්තර කීවා. සදූ කඩා වැටුනේ මුලින්ම එදා…
ඒක ඒ පුංච් හිත බය කලා. නිදි නැති රැයවල් වල ඇය අම්මාව බදාගෙන ඇඩුවා..
ඒ අතරේ නව යොවුන් ඇය දිහා පිරිමි ලමයින්ගේ ආකර්ශනය නොඅඩුවම ලැබුණා.
සදූගේ හිත සැහැල්ලු කරන්න හිතාගෙන සදූගේ අම්මා ඇයට ඇය ආස කරන දේවල් කරන්න ඉඩ දුන්නා.. ටික් ටොක් කරන්න.. සින්දු කියන්න නටන්න ඇය ආස කලා.. කෙල්ලගේ බයෙන් පිරුනු හිත ටිකක් හරි සහැල්ලු වෙයි කියලා ඒ දේවල් කරන්න අම්මා ඇයට ෆෝන් එකකුත් අරන් දුන්නා..
සදූ හිතේ මහ මෙරක් වගේ බරක් තියාගෙන සැනසීමක් හෙව්වා..
ඉතින් සමාජය ඇගේ තනි වුණ තරුණ අම්මා ගැන එක එක විදිහේ කතා කිව්වා..
පුංචි ඇයටත් කතා හැදුවා..
අම්මා ලමයව හදන විදිහ..
ටික් ටොක් කරන නටන හැටි..
ඉගෙන ගන්න වයසෙ උන් ඔහොම නටනවද..
අම්ම වගේම තමයි දුවත් හැදෙන්නෙ..
මාර අමාරුවක්නෙ තියෙන්නෙ මේ පොඩි වයසට..
මෙහෙම කතා අහන සදූ දවස ගානේ හිතින් වටුණා..
ඒ අතරේ අක්කා එක්තැන් වුණා.. පැම්පස් අන්දලා ගේ ඇතුලෙ තියන් සාත්තු කරන්න වුන අක්කා දිහා සදූ බැලුවේ හරිම බයෙන්..
අක්කගෙ කටින් කෙල වැගිරෙන හැටි ඇය වේදනාවෙන් බලා හිටියා..
සදූට මේ අතරේ මතකය ගිලිහෙනවා වගේ තේරෙන්න ගත්තා.. ඇයට වරක් සියල්ල අමතක වෙලා ගියා.. අයෙත් මතකය ආවේ දවස් කීපයකට පස්සේ..
මේ වගේ දේවල් වෙද්දි සදූ තව තවත් කඩාගෙන වටුණා.
සදූ සියදිවි නසා ගන්න කලින් ඇයට බොහෝ අය නින්දා කලා.. නරක කෙල්ලක් කියලා අපහාස කලා.
අම්මා තාත්තා අක්කා නංගී ගැන තිබුන දුක.. තමන් ගැන තිබුන බය.. මේ හැම දේම අතරේ නිවැරැද්දේ ඇයට සමාජය කළ අපහාස ඇයට දරාගන්න බැරි වුණා..
දොස්තර ඇයව ඉස්සරහ තියාගෙන කීව දේ සදූව දවස ගානේ නොමරා මැරූ හැටි සදූ ලියුමක ලියා තිබුණා..
තමන් පන මෙන් ආදරය කල තමන්ට හැමදාම ලග හිටිය එකම යෙහෙලිය වූ ආදරණීය අම්මා ගැන මිනිස්සු කියු කතා සදුව නොමරා මැරූ බව ඇය ලියා තිබුණා..
හිත රිදෙන කතා කියමින් සමාජය ඇයව නරක යැයි ලේබල් කරමින් නොමරා මැරූ හැටි සදූ තවත් ලියුමක ලියා තිබුණා..
එක දවසක.. ශාරීරිකව දරාගන්නම බැරි මොහොතක.. අන්තිමට ඇය ගෙල වැලලාගෙන මිය ගියා..
ඉතින් මේ දේ කියන්නම ඕන…
ලස්සනට ඇන්දට.. ටික් ටොක් එකක නැටුවට.. FB එකේ හිනාවෙලා photos දැම්මට.. කෙල්ල නරකයි කියලා මිනිස්සු හිතුවට…
ඒ අහිංසක හිනාවට යටින් තියන ඇත්ත ජීවිතේ තියන ප්‍රශ්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ…
අසනීපෙන් බයෙන් දෙගිඩියාවෙන් හිටිය ඇයගේ මානසික මට්ටම කාටවත් වැඩක් තිබුනෙත් නෑ.
මේ කෙල්ල මැරුනට පස්සෙත් සමාජය ඇයට හරියට අපහාස කලා.. ඇයට නොකී දෙයක් නැති තරම්..
හැබැයි… මේ මරණයට වග කියන්න ඕන ඒ මිනිස්සු.. කතා හදපු.. අපහාස කරපු මිනිස්සු.. ඔව්.. ඒ හැම කෙනෙක්ම එකතු වෙලා කරපු ඝාතනයක් මේක.. වචනෙකින් හරි දායක වුන අය වගකියන්න ඕන.. එහෙමයි මට නම් හිතෙන්නේ..
ඉතින් මං මගේ ආදරණීය දියණියන්ට ආයෙත් කියනවා..
සමාජය ඔයාව මරන්න බලාගෙන ඉන්නවා.. ඒ නිසා පරිස්සමෙන්..
ජීවිතේ විදින්න කියලා මහා ලොකුවට උපදෙස් දෙන මිනිස්සුම බලා ඉන්නවා ඔයාට අපහාස කරන්න..
ඒගොල්ලො බලන් ඉන්නවා ඔයා ගෙල වැලලාගෙන මැරෙනකන්…
ඔයාට මොන ප්‍රශ්න තිබ්බත් ඒ අයට අදාල නෑ.
ඒ තරම් අමනුස්ස හිත් තියන අය මේ සමාජයේ ඉන්නේ.. පරිස්සමෙන්…