fbpx

අනුර විවාදයට කපොතියක් ගහයි: අන්තිම දිනත් දිලා!

HotPolitical

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සුදුසු දිනයක් තෝරා ගැනීම සඳහා දින හතරක් ලබා දී ඇත.

ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ දින හතර ලබා දෙමින් එහි ජාතික විධායක සභික නලින්ද ජයතිස්සගේ අත්සනින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර වෙත ලිපියක් යොමු කරමින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව එම විවාදයට ලබන මැයි මස 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම් බවද නිශ්චිතව දිනය තෝරාගත් පසු විවාදය පවත්වන වේලාව, කාලසීමාව, ස්ථානය සහ විකාශනය කරන නාලිකාව දෙවන අධියර ලෙස සාකච්ඡාවට ගත හැකි බවද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Leave a Reply