fbpx
Sri Lankan players to battle today in search of World Cup berths

ලෝක කුසලාන වරම් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද සටනට

මෙම වසර අවසානයේදී බංග්ලාදේශයේදී ආරම්භවීමට නියමිතව ඇති ‘විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට’ සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ‘සුදුසුකම් ලැබීමේ තරගාවලිය’ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුුඩාබි නුවර කේන්ද්‍ර කරගනිමින් අද (25දා) සිට පැවැත්වෙනවා.

සමස්ත තරග 23කින් සමන්විත මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සමගින් කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරනු ලබනවා.

එම කණ්ඩායම්, කාණ්ඩ 02ක් (05 බැගින්) යටතේ තරග කරන අතර, ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.

ඊට ස්කොට්ලන්තය, තායිලන්තය, උගන්ඩාව හා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළත්.

මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද (25දා) තායිලන්තයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් ප.ව. 4.30ට ආරම්භවීමට නියමිතව ඇත.

මෙහි ‘බී’ කාණ්ඩයෙන් අයර්ලන්තය, නෙදර්ලන්තය, වනවාටු, සිම්බාබ්වේ හා සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩා කරනු ලබනවා.

මූලික වටයේ තරග අවසන් වද්දී ඒ ඒ කාණ්ඩයන්හි ප්‍රසාද ලකුණු සටහන අනුව පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙකට පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙනවා.

කෙසේ වෙතත් ඉන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකට පමණක් ලෝක කුසලාන වරම් හිමිවෙයි.

09වැනි වරටත් පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසයන් කේන්ද්‍ර කරගනිමින් බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

25 දෙනෙකුගෙන් යුත් මූලික ක්‍රිකට් සංචිතයක්

පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරාගෙන ති⁣බේ.

භානුක රාජපක්ෂ සහ නිරෝෂන් දික්වැල්ල ,විජයකාන්ත් වියස්කාන්ත් එම සංචිතයට නම් කර ඇත.

අයි.පි.එල්. තරගාවලියට සහභාගි වී සිටින නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, විජයකාන්ත් වියස්කාන්ත්, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයන් පස් දෙනා හැරුණු කොට අනෙක් ක්‍රීඩකයෝ මේ දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටිති.

අවසන් ක්‍රීඩකයන් 15 දෙනා තෝරාගැනීම වෙනුවෙන් මැයි මස 02දා සිට අන්තර් සංචිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ද තේරීම් කමිටුව සුදානම් වන බව ද වාර්තා වේ.

නම් කර ඇති මුලික සංචිතය මෙසේයි;

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ප්‍රමෝද් මදුශාන්, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු

උසේන් බෝල්ට් පන්දුවාර 20 ලෝක කුසලානයට

ලොව වේගවත්ම මිනිසා ලෙස වාර්තා අතරට එක් වූ ජැමෙයිකානු මලල ක්‍රීඩක උසේන් බෝල්ට් 2024 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස පත්කර තිබේ.

නව පරපුරේ රසික රසිකාවියන් දිරිමත් කරන විශාලතම ක්‍රිකට් සැණකෙළි සංදර්ශනය ආරම්භ වීමට සති කිහිපයකට පෙර මෙම නිවේදනය නිකුත්කර ඇත.

ඕලිම්පික් රන් පදක්කම් 8කට හිමිකම් කියන බෝල්ට් ක්‍රිකට් ක්‍රීඩාවටද අවධානය යොමුකර ඇති අවස්ථා මීට පෙරද වාර්තා වි තිබිණි.

බෝල්ට් 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඉතිහාසගත වූයේ ඔහු පිට පිට ඔලිම්පික් ක්‍රීඩා තරගාවලි තුනකදී රන් පදක්කම් තුනක් ලබා ගැනීමත් සමඟය.

ලොව පුරා මලල ක්‍රීඩා තරුවක් ලෙස ඔහුගේ ගමන ආරම්භ වූයේ 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදීය.

එහිදී ඔහු මීටර් 100, මීටර් 200 සහ මීටර් 4×100 ලෝක වාර්තාද තබමින් ජයග්‍රහණය කළේය.

ක්‍රිකට් තානාපතිවරයකු ලෙස, බෝල්ට් T20 ලෝක කුසලාන තරගාවලිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

පන්දුවාර 20 ලෝක කුසලානය අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වේ.

Leave a Reply