fbpx
Regarding revision of milk powder price No discussion was held

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය කිසිදු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර සඳහන් කර ඇත්තේ කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් තම සංගමය තුළ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ කිරිපිටි මිල අඩු කිරීමක් සම්බන්ධයෙන් ඊයේ (24) දිනයේ තොරුතුරු හුවමාරුවීම සම්බන්ධයෙන් කළ විමසීමක දී ය. 

කිරිපිටි මිල සංශෝධනය කිරීම

අද (25) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බව එම සංගමය පැවසුවා.

එමෙන්ම, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බව ද එම සංගමය වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply