මැයි දිනය ගෙවිලා තවම වැඩි දවසක් උනේ නෑ.”පශ්චාත් මැයි දින සමාලෝචනය” ලිපියෙන් රටේ රාළ මැයි පෙලපාලි සහ රැලි ගැන සමාලෝචනයක් කළා. ඒ හින්දම මැයි දිනයෙන් පස්සේ මතුවෙලා තියන දේශපාලන තත්වය ගැනත් කතා කරන්න ඕනි. මේ මැයි දිනයේදී සිද්ධ උන ප්‍රධාන දේශපාලන කරණය විදිහට රටේ රාළ දකින්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් විදිහට රනිල්,සජිත් සහ අනුර තහවුරු උන එකයි.
හැබැයි ඒ තත්වය මේ විදිහටම දිගටම තියෙයි කියලා හිතන්න බෑ. අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය දෙකොන් සටනක් වෙන්න ඕනි. ඒකෙන් කියන්නේ අපේක්ෂකයෝ දෙන්නෙක් වෙනවා කියන එක නෙවෙයි. අපේක්ෂකයෝ කොච්චර හිටියත් ප්‍රධාන ප්‍රතිවාදියෝ දෙන්නෙක් වෙනවා කියන එකයි. මෙතනදී අනුර කුමාර එක ප්‍රධාන ප්‍රතිවාදියෙක් විදිහට ස්ථාවර වෙන්න තියන ඉඩ වැඩියි. රනිල් සහ සජිත් අතරින් අනුරගේ ප්‍රතිවාදියා කවුද කියන එක තීරණය වෙන්න ඕනි.
දැනට තියන තත්වය අනුව නම් රනිල්වත්, සජිත්වත් පස්සට යන්න සුදානම් නෑ. හැබැයි මෙතනදී එක්කෙනෙක් පස්සට ගියේ නැත්තං සටන තුන්කොන් වීමෙන් දෙන්නම පරදිනවා. දැන් තියෙන්නේ උත්තර දෙකයි,එක්කෝ රනිල් යෝජනා කරන විදිහට සජිත් සහ රනිල් පොදු එකඟතාවයකට එන්න ඕනි. නැත්තං රවී කියන විදිහට එක්නෙක් දුර්වල වෙනකංම්ම හැපෙන්න ඕනි. ඒක නිසා ඉදිරියේ එජාප සහ සජබ අතර ලොකු සටනක් ඇතිවෙන්න නියමිතයි.
කොහොම හරි ඒ ප්‍රශ්නය නිරාකරණය වෙන්න අඩුම ගානේ තව මාසයක් දෙකක් යයි. හැබැයි ඊට මෙහා වෙන්න පුළුවන් තවත් ගොඩක් දේවල් තියනවා. විශේෂයෙන් මැයි රැලියේදී පොදුජන පෙරමුණ යම් තරමක ජයග්‍රහණයක් ලැබුව බව පිලිගන්න වෙනවා. පොහොට්ටුවට දැවැන්ත මැයි රැලියක් කරන්න බැරි උනත් රාජපක්ෂලා ආයෙත් පොහොට්ටුව පවුලේ අණසකට යටත් කරගත්තා. ඒක බැලූ බැල්මට රනිල් සිද්ධවුන ලොකුම අවාසියක්.
පොහොට්ටුවේ මැයි දින වේදිකාව දිහා හොඳට බැලුවොත් රාජපක්ෂලා පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා ධම්මික පෙරේරා වගේ එකක් වහෙන් ඔරෝ පෙන්නුවා. පොහොට්ටුවේ බහුතරය එක වේදිකාවකට ඇවිත්,ජනාධිපති අපේක්ෂකයෙක් ගැනත් ඉඟිබිගි පාන්නේ හරියට රනිල්ට ඔච්චම් කරනවා වගේ. අවසන් මොහොතේ ජනාධිපතිවරණයට ධම්මිකව දැම්මත් නැතත් රාජපක්ෂලා ධම්මික යොදාගෙන රනිල් එක්ක ලොකු කේවල් කිරීමකට ලෑස්ති වෙන බව පේනවා.
සමහරවිට ඊළඟ රනිල් – බැසිල් හමුවේ ප්‍රධාන මාතෘකාව ඕක වෙන්න පුළුවන්. මෛත්‍රී විජේදාසගේ නමත් ගෙනත් දාලා තියෙන හින්දා රනිල් තව ටිකක් හිර වෙන්න පුළුවන්. රනිල්ට පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න කියන යෝජනාව ආයෙත් එන්න පුළුවන්. රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා වෙනවා නං ධම්මිකව නොදා ඉන්නත්,නැත්තං ධම්මික දානවා කියන්නත් බැරි නෑ.
රනිල් හිරකර ගන්න සහ පවුලේ බලය තහවුරු කරගන්න රාජපක්ෂලා ලස්සනට මැයි දිනය පාවිච්චි කළා. හැබැයි රනිල් end එක ගැන නං හිතන්නේ රාජපක්ෂලාට රනිල්ගේ පිහිට ඇර වෙන සරණක් නෑ. රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න තීරණය කරයි කියලා කොහොමවත් හිතන්න බෑ. රාජපක්ෂලා බිලි බෝයි කෙනෙක් විදිහට ධම්මිකව use කරන්නත් බැරි නෑ.
රනිල්ට වාසි සහගත වෙන්නේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන එකයි. රනිල්ට රාජපක්ෂලාගේ පැත්තෙන් එල්ල වෙන පීඩනයෙන් මිදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියනවා. හැබැයි ඉතින් පොහොට්ටුවේ අළු යට ගින්දර තියන බව රටේ රාළ නං ස්ථිර වශයෙන්ම දන්නවා. මෙතනදී රනිල්ට තිබුන ශක්තිමත්ම arm එක උන ලන්සාගේ නව සන්ධානය නිර්මාණය නොවීමත් ගැටළුවක්. ලන්සලාට මේ තියන තත්වය යටතේ එකතු කරන්න පුළුවන් කණ්‌ඩායම් සහ පුද්ගලයින් එකතු කරගෙන නව සන්ධානය හදන්න පුළුවන් නම් ඒකෙන් පෙරලා රාජපක්ෂලාට පීඩනයක් යනවා වගේම රනිල්ට ලොකු සහනයක් එනවා.
සන්ධානය හැදෙනකම් ලන්සලාට ඒකාබද්ධ ක්‍රියා මාර්ගවලට යන්න පුලුවන් නම් තත්වය පාලනය කරගන්න පුළුවන්. හරි නං දැන් ලන්සලා වැඩේ හම්බන්තොටින් පටන් ගන්න ඕනි.රාජපක්ෂ බලකොටුවටම ආක්‍රමණය දෙන්න ඕනි. මොකද ලන්සාගේ සැලැස්මේ හම්බන්තොට රැලියක් තිබුණා. ඒක උඩට ගන්නයි තියෙන්නේ. ලන්සලාගේ සන්ධානයට බාධාව වෙලා තිබුණ මෛත්‍රී සාධකය දැන් බොහෝ දුරට අහෝසි වෙලා.
පොහොට්ටුව පක්ෂයක් විදිහට යම් හිස එසවීමක් කළත් රාජපක්ෂලා සම්බන්ධව ගොඩනැගිලා තියන සමාජ මතය තවමත් වෙනස් වෙලා නෑ. රනිල් රාජපක්ෂලා එක්ක කරන ගනුදෙනුව පෙරලා ඒ සමාජ මනෝභාවයට බලපානවා. රනිල්ට වාසිසහගතව ගොඩනැගෙන යමක් තියනවා නං රාජපක්ෂ ගනුදෙනුව over යෑමෙන් ඒක නිශේධනය වෙනවා. රාජපක්ෂලා හින්දා රනිල්ට උතුරේ,නැගෙනහිර සහ වතුකරයේ තියන සුළු ජාතික ඡන්ද පදනම අහිමි වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි.
ඊළඟට කතොලික ඡන්ද බෙල්ට් එකටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රනිල් හිතාගෙන ඉන්නවා නම් සජබය එක්ක එකගතාවයකට හරි හයිජැක් කිරීමකට හරි යන්න රාජපක්ෂ – රනිල් සම්බන්ධය ඒකට ලොකු බාධාවක්. මෙතනදී රාජපක්ෂලා රනිල්ගේ පැත්තට පන්දුව එල්ල කරණකොට රනිල්ට ගොඩ යන්න නං රාජපක්ෂලාට ප්‍රතිවිරෝධී පැති ටික රනිල් අතේ තියෙන්න ඕනි.
අලුත් ප්‍රශ්නයක් විදිහට රනිල්ට ඇවිත් තියෙන්නේ විජේදාසගේ ප්‍රශ්නය. මෛත්‍රී දැනටමත් ශ්‍රිලනිප අපේක්ෂකයා විදිහට විජේදාස නම් කරලා ඉවරයි සහ රාජපක්ෂලා ඒ ප්‍රශ්නය රනිල්ගේ පැත්තට තල්ලු කරන්න හදනවා.ඒක නාමල්ගේ කතාවෙන් හොඳටම තේරෙනවා. ඒ ප්‍රශ්නය අධිකරණය හරහා බේරෙන්න ඕනි එකක්.එත් විජේදාස ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න උපරිම ට්‍රයි එකක් දෙන බව පේනවා.
මෙතනදී රනිල් සහ විජේදාස අතර ඇතිවන එකඟතාවයත් තීරණාත්මක එකක්. විජේදාස තවමත් කියන්නේ රනිල් එන්නේ නැත්නම් එනවා කියලයි. රනිල් විජේදාස සම්බන්ධව අනුගමනය කරන්නේ බොහොම නිහඩ පිලිවෙතක්. ඒකෙන් තේරෙන්නෙ රනිල්ට විජේදාස තරහා කරන්න ඕනි නැති බවයි. රනිල් විඡේදාසගේ ප්‍රශ්නය බේරන්න පොහොට්ටුවට,ශ්‍රිලනිපයට සහ අධිකරණයට බාර දිලා ඇඟ බේරගෙන ඉන්නවා. රනිල් සජබය කළමණාකරණය කරන විදිහත් මෙතනදී වැදගත් වෙනවා.
යම් විදිහකින් රනිල්ට සජිත්ගේ ගමන පාලනය කරන්න බැරි උනොත් රනිල්ට ජනාධිපතිවරණයෙන් ඉවත් වෙන එක තමයි වාඩාත්ම සුදුසු. රනිල්ට සජබය කළමණාකරණය කරන්න තියන එජාප arm එක ශක්තිමත් මදි. එජාපය පැත්තට එන්න ආපු සමහර සජබ අය කලකිරිලයි ආපහු ගියේ. ඇත්තටම එතන තනි එජාපයක් නෑ. එක එක්කෙනාගේ එජාප තියෙන්නේ.නායකයෝ එක්කෙනෙකුට එක්කෙනෙක් නැති එජාපයක් තියන බව මැයි දිනයෙදී දැක්කා.
නැත්තං මැයි දිනයේ ලොකුම වාසිය ගන්න තිබුණේ රනිල්ට. මේ එජාප පොඩි පොඩි කඩ ටික වහලා තනි එජාපයක් හදන්න බැරිනම් ජනාධිපතිවරණයකදී එජාපයට ලොකු රෝල් එකක් කරන්න බෑ. රනිල්ට දැන් කරන්න තියන හොඳම දේ වෙන්නේ තමන්ගේ ශක්තියෙන් වැඩ කිරීමයි සහ අලුත් බලවේග දිනා ගැනීමයි. එහෙම නැතිව එජාප හැකියාව ගැන විතරක් විශ්වාස කරගෙන වැඩට බැස්සොත් රනිල්ටත් ගෙදර ඉන්න ටිකට් එක හම්බ වෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.