ප්‍රදේශ කිහිපයක් උණුසුම්
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පලාත්වලත් කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකට එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මටටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුනු පලාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය යොමු කල යුතු” මට්ටමක පවති යැයි අපේක්ෂා කරන බවත් ඔවුන්ගේ නිවේදනයේ දැක්වෙනවා.
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඔවුන් සිය නිවේදනය මගින් ජනතතාවට දැනුම් දෙනවා.
ඉදිරි දිනවලදි ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩි වීමක්
මේ අතර මැයි 08 වැනි දිනෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.
වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් දන්වා සිටිනවා.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන්ගේ නිවේදනයේ දැක්වෙනවා.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් ඔවුන් දන්වා සිටිනවා.
මුහුදු රළ උස ඉහළ යයි
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-2.5) ක් පමණ සහ තරංග කාලය තත්ත්පර (10-14) පමණ ඉහළ යෑමේ හැකියාවක් තිබෙන බවත් ඔවුන් පවසනවා.
මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් ඔවුන් දන්වා සිටිනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි ඔවුන් නිවේදනයක් මගින් දන්වා සිටින්නේ.