fbpx

චීනය, ලංකාවේ ආර්ථිකයට විශාල කරදරයක් වෙයි!

BusinessForeignHot

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලොකුම බාධාව වී ඇත්තේ චීනය දැඩි ස්ථාවරක පසුවීම බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි.

ලර්න් ඒෂියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද වන ඒ මහතා පෙන්වා දෙන්නේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ වේගවත් ගමනක් ගොස් ඇතත් තවමත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණ නැත්තේ චීනය දැඩි මතයක සිටින නිසා බවයි.

එනිසා මුල්‍ය අරමුදල මෙම ගැටලුවට විසඳුම් සෙවීමට චීනය සමග සාකච්ඡා කරමින් ඇති බවත් හෙතෙම කියා සිටියි.

කෙසේ නමුත් මෙම චීනයේ එම ස්වභාවය පසුපස ලංකාවේ චීන හිතවාදී පක්ෂයක් සිටිය හැකි බව ආර්ථික විශ්ලේශකයන් පවසයි.

Leave a Reply