ශ්‍රී ලාංකිකයන් යුක්‍රේන රුසියානු යුද්ධයට කුලී හේවායින් ලෙස අලෙවි කරමින් සිටින්නේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
නමුත් එය මෙරට සමාගමක්ද එරට ඇති වෙනම සමාගමක් දැයි තමන් නොදන්නා බවද පැවසු ඔහු මෙම චෝදනා එල්ල වන සමාගම ඩිලාන් හා සුරේෂ් නම් දෙදෙනකු විසින් මෙහෙයවමින් සිටින බවත් පැවසුවේය.
කෙසේ හෝ මෙරට රණ විරුවන් රුසියාවට කුලී හේවායන් ලෙස විකුණා දමමින් ඇත්තේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
අද වන විට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එරට යුද්ධයට සම්බන්ධ වී සිටින බවත් ඉන් පිරිසක් මිය ගොස් ඇති බව තවත් පිරිසක් තුවාල වී ප්‍රතිකාර ලබාගත නොහැකිව සිටින බව මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
රුසියානු යුද්ධයට කුලී හේවායින් ලෙස අලෙවි කරමින් සිටින්නේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
නමුත් එය මෙරට සමාගමක්ද එරට ඇති වෙනම සමාගමක් දැයි තමන් නොදන්නා බවද පැවසු ඔහු මෙම චෝදනා එල්ල වන සමාගම ඩිලාන් හා සුරේෂ් නම් දෙදෙනකු විසින් මෙහෙයවමින් සිටින බවත් පැවසුවේය.
කෙසේ හෝ මෙරට රණ විරුවන් රුසියාවට කුලී හේවායන් ලෙස විකුණා දමමින් ඇත්තේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
අද වන විට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එරට යුද්ධයට සම්බන්ධ වී සිටින බවත් ඉන් පිරිසක් මිය ගොස් ඇති බව තවත් පිරිසක් තුවාල වී ප්‍රතිකාර ලබාගත නොහැකිව සිටින බව මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා
මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය.
රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් මේ දිනවල රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය යොමු කෙරුණා. මෙහිදී පළමුව අවධාරණය කළ යුතුව ඇත්තේ මිනිස් ජවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණුවන බවයි.
ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 288ක් පමණ ලැබී තිබෙනවා. ඊට ආදළව මිනිස් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා තිබෙනවා.
ඔවුන් මෙම මිනිස් ජාවාරම සිදු කිරීම සඳහා ප්‍රචාරක කටයුතු සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි. එහිදී ඉහළ වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද ගැන සඳහන් කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට ගොදුරුවූවන් රැල්ලක් ලෙස ඊට හසුව තිබෙනවා. ඒ නිසා මෙවැනි රැවටීම් වලට හසු නොවන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම මිනිස් ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු ඇත්නම් ඒවා 0112 401 146 අංකයට අමතා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.