ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට රේගු වැටලීම් සහ අතිකාල දීමනා සඳහා අසාධාරණ ප්රතිලාභ හිමිවීම තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට රුපියල් බිලියන ගණනක මුදලක් අහිමි වී ඇති බව විගණකාධිපතිවරයා විසින් අනාවරණ කර තිබේ.
ඒ, විවිධ අරමුදල් කළමනාකරණය/පරිපාලනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණනය මගිනි.
නීත්‍යනුකූල ආනයන ක්‍රියාකාරකම් මත ශ්‍රී ලංකා රේගුව විසින් එකතු කරන ලද බදු ආදායම රජයේ ආදායමට ඇතුළත් වන අතර, ආනයනය හා සම්බන්ධ දඩ මුදල්වලින් ලැබෙන ආදායමෙන් සෘජුවම ඒකාබද්ධ අරමුදලට බැර වන්නේ සියයට 30ක් පමණක් බව විගණනයේදී අනාවරණ වී තිබේ.
2012 වසරේ සිට 2023 අගෝස්තු මාසය දක්වා දඩ මුදල් ලෙස එකතු කරන ලද රුපියල් බිලියන 14.53ක මුදල්වලින් සියයට 30ක වටිනාකමක් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත.
“… එසේ බැර කරන ලද මුදල එම ආනයනයේදී අය කළ යුතුව තිබූ සත්‍ය රේගු ආදායමට වඩා අඩු බව නිරීක්ෂණය වූ අවස්ථා තිබේ,” යනුවෙන් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න සඳහන් කර ඇත.
2017 සිට 2023 දක්වා අවස්ථා 17කදී සිදු කරන ලද නියැදි විගණනයකට අනුව මුලින් පනවන ලද මුළු දඩ මුදල රුපියල් බිලියන 7.6කි.
ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල අනුව විමර්ශන නිලධාරියාගේ ලිහිල් කිරීම හේතුවෙන් දඩ මුදල පසුව රුපියල් මිලියන 481.69 දක්වා අඩු කර තිබේ.
ඒ අනුව අවම කළ දඩ මුදලින් රජයට බැර වූ සියයට 30ක වටිනාකම රුපියල් මිලියන 144.5කි.
එම නිසා රාජ්‍ය ආදායම අහිමිවීම රුපියල් මිලියන 181.51කි.
පැහැර හැරීමට උත්සාහ කළ බදු මුදල රුපියල් මිලියන 326.02කි.
වර්තමානයේ, ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ ත්‍යාග අරමුදල, ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ කළමනාකරණ සහ වන්දි අරමුදල සහ ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අතිකාල ලෙස ප්‍රධාන අරමුදල් තුනක් ඇත.
භාණ්ඩ විභාග ගාස්තු සහ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අරමුදල වෙනම පවත්වාගෙන යනු ලැබේ.
මීට අමතරව, මත්ද්‍රව්‍ය අරමුදල, ඉන්ධන අරමුදල, සියයට 2.5 අරමුදල සහ අනෙකුත් අංශ සඳහා අරමුදල ලෙස නම් කර ඇති ඉහත ත්‍යාග අරමුදල යටතේ උප අරමුදල් හතරක් ද පවත්වාගෙන යනු ලැබේ.
1869 අංක 17 දරන රේගු ආඥාපනතේ 153 (2) (ආ) වගන්තියට අනුව මුදල් ඇමැතිවරයා විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමයකට එකඟ වෙමින් ත්‍යාග මුදල් නිලධාරීන් සහ තොරතුරු සපයන්නන් අතර බෙදා හැරිය යුතු වුවද, එසේ වී නොමැති බව විගණකාධිපතිවරයා අනාවරණ කර තිබේ.
පවතින තොරතුරුවලට අනුව, 2012 සිට 2023 අගෝස්තු 31 දක්වා කාලය තුළ ත්‍යාග මුදල් ලෙස ගෙවා ඇති මුදල රුපියල් බිලියන 24.22 කි.
තවද විමර්ශනවලට දායක වන කණ්ඩායමක් ලෙස සම්බන්ධයක් නොමැති නිලධාරීන්ට පනතට අනුව ත්‍යාග ලබාදීමට හැකිවන පරිදි අභ්‍යන්තර නියෝග සකස් කර ඇති බවද අනාවරණ වී තිබේ.
එපමණක් නොව, සාමාන්‍ය මෙහෙයුම් හඳුනාගැනීම රේගු වැරදි හඳුනාගැනීමක් ලෙසද සළකා ඒ සඳහා කාර්ය මණ්ඩලයට ත්‍යාග හිමිකම් ලබා දීම් ද හඳුනාගෙන ඇත.
සියලුම රාජ්‍ය සේවකයන් තම පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කළ යුතු වුවද ශ්‍රී ලංකා රේගුව පවත්වාගෙන ගොස් තිබුණේ පැමිණීමේ ලේඛනයක් පමණි.
“සාමාන්‍ය සේවා කාලයෙන් බැහැරව සේවය කළද නිලධාරීන්ට රේගු අතිකාල අරමුදලින් සියයට අනූවක් ගෙවා රජයේ ආදායමට බැර කළේ සියයට 10ක් පමණයි,” යනුවෙන් විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.
2021 සහ 2022 දී ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට අතිකාල අරමුදලින් රුපියල් මිලියන 948.32ක් සහ රුපියල් මිලියන 938.87ක් ගෙවා ඇති අතර රජයට බැර කර ඇති ආදායම වූයේ මිලියන 85.73ක් සහ රු.මිලියන 83.67ක් පමණි.