ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් තිදෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.
ඒ සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා, එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගයට එක් වුණා.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද මෙලෙස සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගත් පිරිස අතරට සිටිනවා.
සජිත් සමග ජවිපෙ අපේක්ෂකයා එක්වූ කතාව බොරුවක් – ඒ නිදහස් පක්ෂයේ අයෙක්
සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වූ පුවත අසත්‍යක් බව වාර්තා වනවා.
ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද මෙලෙස සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගත් පිරිස අතරට සිටින බව පැවසුව ද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
එම පුද්ගලයා පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිට ඇත්තේ නිදහස් පක්ෂයේයි.