රංජිත් මද්දුම බණ්ඩාරට යළි එ.ජා.ප සාමාජිකත්වය: රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි!

HotPolitical

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාර ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීය.

එසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ද මෙහිදී තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

පොහොට්ටු මැති ඇමතින්ට වැඩි වගකීම්!

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු මෙම මාසයේ සිට ආරම්භ කිරීමට සූදානම් කර සිටියි.

ඊට අදාළ මැතිවරණ මෙහෙයුම් කමිටුව විසින් දිස්ත්‍රික්ක විසි පහම ආවරණය වන පරිදි මෙම සැලසුම සකස් කර තිබේ.

කොට්ටාස මට්ටමේ ගෙයින් ගෙට යාමේ සිට දිස්ත්‍රික්ක විසි පහේම ප්‍රධාන රැස්වීම් පවත්වමින් ජනතාව ආමන්ත්‍රණය කිරීමට සැලසුම් සකස් කර ඇත.

දැනටමත් ආණ්ඩුවේස් නියෝජනය කරන පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසකට එහි ප්‍රධාන වගකීම් බෙදා දී ඇති බවද වාර්තා වෙයි.

Leave a Reply