Juvenile soaps causing skin infections in children across the country

ප්‍රමිතියෙන් තොර බාල සබන් ආලේප කිරීම නිසා බිළිදුන්ගේ සමේ විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණී සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පවසන්නීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද කියා සිටියාය.

වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව බොහෝ දෙමව්පියන් මිල පිළිබදව සැළකිල්ලක් නොමැතිව වෙළද පළේ ඇති බාල සබන් වර්ග තම බිළිදුන් වෙනුවෙන් මිලදී ගන්නා බවක් දක්නට තිබෙනවා.

එසේ මිල පිළිබදව අවදානය යොමු කරන පාරිභෝගිකයින් ඉලක්ක කර ගත් කිසියම් කණ්ඩායමක් ප්‍රමිතියෙන් තොර බාල බිළිදු සබන් වර්ග වෙළද පලට එක් කර තිබෙන බවක් දැන ගන්නට තිබෙනවා.

මේ නිසා අපි මව්පියන්ගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ ප්‍රමිති කාර්යංශයෙන් සහතික කර ඇති බිළිදු සබන් වර්ග තම දරුවන් වෙනුවෙන් මිලදී ගන්නා ලෙසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අපට දැන ගන්නට ලැබුණා සමේ විවිධ සංකුලතා ඇතිවූ බිළිදු දරුවන් සම්බන්දයෙන්.

එම දැන ගැනීමෙන් පසුව කරන ලද සොයා බැලීමේදී තමයි අපිට අනාවරණය කර ගැනීමට හැකිවූයේ.

ඒ නිසා තමයි අපි කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර බිළිදු සමට නොගැලපෙන සබන් වර්ග බිළිදුන් වෙනුවෙන් භාවිතා නොකරන ලෙස.

අපි අමතක නොකළ යුත් වන්නේ ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීමේ අතුරු පල දරුවන්ට ලැබෙන්නේ වර්තමානයට වඩා අනාගතයේදී බවයි.

දරුවන්ගේ ඇග ගල්වන සබන් වල 78% කට වඩා ඉහළ අගයකින් යුක්තව TFM අන්තර් ගතව තිබිය යුතුයි.ප්‍රමිති කාර්යංශය විසින් අනුමත කරන්නේ නියමිත ප්‍රමාණයට TFM අඩංගු නම්  පමණයි.

ඒ නිසා අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය පිළිබදව සිතා ප්‍රමිතියෙන් යුතු සබන් වර්ග පමණක් භාවිතා කරන ලෙසයි.

(ජුඩ් සමන්ත)

Leave a Reply