සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිය සිසිල් බීම ව්‍යාපාරය සඳහා තවත් කෝටි 400ක් අයෝජනය කිරීමට තීරණ කර තිබෙනවා.
ඒ අනුව අදාළ ව්‍යාපාරය සඳහා සිදු කර ඇති සමස්ථ ආයෝජනය රුපියල් කෝටි 1,400ක් වන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඉන්දීය කර්මාන්ත ඇමැති එම්.බී. පටිල් සහ මුරලිදරන් අතර පවත්වා ඇති බව එහි සඳහන්.
ඉන්දියාවේ චාමරාජනගර් හි බඩනගුප්පේ කර්මාන්ත ප්‍රදේශයේ ඔහු අදාළ කර්මාන්න ශාලාව පවත්වාගෙන යනු ලබනවා.
මුරලි චාමරාජනගර් දිස්ත්‍රික්කයේ ග්‍රීන්ෆීල්ඩ් ඒකකයක් සමඟින් සිය ව්‍යාපාරය පුළුල් කරමින් සිටින බවයි, ඉන්දීය කර්මාන්ත දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.
බීම කෑන් නිෂ්පාදනය කිරීම සඳහා ධර්වාඩ් හි තම ව්‍යාපෘතිය වෙන්කර ඇති බව සඳහන්.
ව්‍යාපෘතිය සඳහා අක්කර 46ක් මේ වන විටත් වෙන් කර ඇති බවත්, නිෂ්පාදන කටයුතු 2025 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.