මෙවර හජ් වන්දනාවට මක්කම පැමිණි පුද්ගලයින් 1,301ක් මියගොස් ඇති බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස පැමිණි වන්දනාකරුවන් බවයි සෞදි අරාබිය පෙන්වාදෙන්නේ.
සමහර අවස්ථාවල සෙල්සියස් 50 ඉක්මවූ දැඩි උණුසුම මධ්‍යයේ ඔවුන්ට දීර්ඝ දුරක් ඇවිදීමට සිදුව තිබූ බව සඳහන් වෙනවා.
මියගොස් සිටි පුද්ගලයින්ගෙන් 75%කට පමණ හජ් වන්දනාව සඳහා නිල බලපත්‍ර තිබී නොමැති බවත් ඔවුන්ගෙන් බහුතරයක් මහලු විවිධ රෝගාබාධ සහිත අය බවත් වාර්තා වන්නේ.
තවද දැඩි උණුසුම නිසා රෝගී වූ 500,000කට පමණ සෞඛ්‍ය අංශ ප්‍රතිකාර කර ඇති අතර ඉන් 140,000ක් පමණ පිරිසකට නිල බලපත්‍ර තිබී නොමැති බවත් සෞදි නිවේදනය කරනවා.