ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් අදාළ ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අදාළ කුරියර් ආයතනය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවටයි මෙරට පළ වන ජාතික පුවත්පතක් තොරතුරු වාර්තා කළේ.
ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සඳහා එම කුරියර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙසට ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.
නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් සිදු කළ පැමිණිල්ලක් හේතුවෙන්.
මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවල දී ඇතැම් කරුණු අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය රුපියල් ලක්ෂ 780කට මිලකට මිල දී ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම පියුමි හංසමාලි විසින් කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවෙසක් ද මිලදී ගෙන තිබුණා.
ඒ අනුව එම කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුව පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් විසින් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අධිකරණයෙන් අවසර හිමි වූ බවයි වාර්තා වන්නේ.