fbpx

Huawei සහ ZTE තහනම්: චීනයට පෞද්ගලික දත්ත දෙන බවට සැකයක්?

BusinessForeignHot

යුරෝපා සංගමය Huawei සහ ZTE යන විදුලි සංදේශ උපාංග ප්‍රවර්ධන සමාගම් තහනම් කිරීම සම්බන්ධ දැඩි තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වෙනවා. මෙයට හේතුවී ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනික වුවමනා සඳහා භාවිතයට ගැනීමට සහ වෙනත් වෙළඳපල අරමුණු මූලික කරගත් පෞද්ගලික දත්ත අනවසරයෙන් එම විදුලි සංදේශ උපකරණ හරහා ලබාගන්නා බවට වන සැකයක් බව වැඩිදුරටත් තහවුරු වනවා.

කෙසේ වෙතත් මෙය හුදු සැකයකින් ඔබ්බ්ට තහවුරු වී ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය වන අතර ඇමෙරිකාව මේ වනවිටත් මෙම නිෂ්පාදනවල අවධානම ලොවට හෙළි කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම යුරෝපා සංගමයේ රටවල් 10 ක් ද මේ වනවිට මෙම නිෂ්පාදන සිය රටතුළ තහනම් කිරීම සඳහා නීති හඳුන්වාදීම සඳහා අවධානය යොමු කර තිබේ.

චීනය විසින් දිගින් දිගටම සිදුකරන මෙම පෞද්ගලික දත්ත ආරක්ෂක සහ දේශපාලනික වුවමනා සඳහා අනවසරයෙන් භාවිතා කිරීම පිළිබඳව ලොව ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය බොහොමයක අප්‍රසාදය පළවී ඇති අතර එයට එරෙහිව ඒ ඒ රාජ්‍යයන් විසින් නීති සම්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමුව පවතී.

කෙසේ වෙතත් මෙම අවධානම ශ්‍රී ලංකාවේ මෙම දුරකථන සහ ටැබ් යන්ත්‍ර මෙන්ම වෙනත් විදුලි සංදේශ උපාංග භාවිතා කරන්නන් වෙත ද පවතින බව ඒ පිලිබඳව සිදුකරන් ලද විමසීමකදී විදුලි සංදේශ විශේෂඥයකු විසින් අපවෙත ප්‍රකාශ කරන් ලදී. එම නිසා ශ්‍රී ලංකා රජය ද මේ පිළිබඳව අවධානය යොමු කර එම නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත්කර ශ්‍රීලාංකේ ය පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වගකීම ඔහු විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Leave a Reply