fbpx
A tragedy of a Sri Lankan family in Italy

බිරියට පිහිපහර දී සැමියා එල්ලෙයි

ForeignHot

ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

පවුල් ආරවුලක් මත සිය බිරිඳට පිහි පාරවල් කිහිපයක් එල්ල කළ සැමියා පසුව ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබෙන බවයි ඉතාලියේ කැරිබියානු පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පිහි ඇනුම් පහර කෑ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකික අඹු සැමිය යුවළ කාලයක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින්නන් වන අතර ඔවුනට දරු දෙදෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ලේ ගලන තුවාල සහිතව ශ්‍රී ලාංකික කාන්තාවක් ආධාර ඉල්ලා කෑ ගසමින් මාවතක් දිගේ දිව යන අයුරු දුටු ඉතාලි ජාතිකයන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඇය එරට ක්‍රියාත්මක 118 ගිලන් රථ සේවය මගින් රෝහල් ගත තිබෙනවා.

Leave a Reply