සීගිරිය ඇතුළු සංචාරක ස්ථානවලින් බදු අය කිරීමටත් එම ස්ථාන පෞද්ගලීකරණය කළ යුතු බවටත් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ යෝජනා කරති.
ජාතික නාමල් උයනේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාහුල හිමියන් යෝජනා කළේ පුදබිම් හැර දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සීගිරිය වැනි සංචාරක ස්ථාන වහාම පෞද්ගලීකරණය කළ යුතු බවයි.
සීගිරිය සහ රට පුරා ඇති ඒ හා සමාන ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට අවශ්‍ය මූලික පහසුකම් හෝ නොමැති බව රාහුල හිමියෝ පෙන්වා දුන්හ.
“සංචාරකයන්ට සුදුසු වැසිකිළි පහසුකම් පවා සපයා නැහැ. නමුත් ටිකට් එකේ මිල තියනවා අහස උසට. වාහන පාර්ක් කරන්නවත් තැනක් නැහැ. මේ ස්ථානවලින් සංචාරකයන් පලවා හරින තත්ත්වයක් තියෙන්නේ,” යනුවෙන් උන්වහන්සේ චෝදනා කළහ.
“ඇත්ත තත්ත්වය නම් විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ හෝටල්වල නවාතැන් ගෙන විනෝද වීමට පමණක් නෙවෙයි. අපේ පාරිසරික, ඓතිහාසික සහ භූ විද්‍යාත්මක ස්ථාන කෙරෙහි උනන්දුවක් දක්වන සන්චාරකයන් ආකර්ෂණය කර ගන්න සංචාරක අමාත්‍යාංශයට සහ සංචාරක මණ්ඩලයට යුතුකමක් තියෙනවා,” යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
විදේශීය සංචාරකයන් සූරා කෑමට ලක් නොවිය යුතු බව ද රාහුල හිමියෝ අවධාරණය කළහ.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ වෙනුවට, නිසි පහසුකම් සපයා සංචාරකයන්ගේ තෘප්තිය සහතික කළ යුතු බවයි.
තවදුරටත් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මාර්ග සොයා ගත යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
ඒ සඳහා වඩා හොඳ කළමනාකරණයක් අවශ්‍ය බවත් අවාසනාවකට මෙරට එවැනි ක්‍රම අඩු බවත් පැවසූ උන්වහන්සේ එම තත්ත්වය වෙනස්විය යුතු බව ද අවධාරණය කළහ.