fbpx
It was a cynical thing a father did to increase weaves

views වැඩි කරගන්න තාත්තෙක් කළ නරුම වැඩක්

ForeignHot

ජපානයේ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු විසින්, ඔහුගේ දෙහැවිරිදි දියණිය උණුසුම් කාලගුණයක් පවතින වටපිටාවක මෝටර් රථයක් තුළ සිරව සිටින අන්දම වීඩියෝ කර අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

ඒ, සිය සමාජ මාධ්‍යයේ ග්‍රාහකයින් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමේ අරමුණින් වන බවයි පසුව වාර්තා වී ඇත්තේ.

“raunano_family” මැයෙන් හඳුනාගැනෙන අදාළ යූ ටියුබ් නාලිකාව සැමියා සහ බිරිඳ එක්ව කරගෙන යන්නක් බව සඳහන් වන අතර එහි 58,000ක් පමණ ග්‍රාහකයින් සිටින බව සඳහන්.

පසුගිය දා ඔවුන් සිය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර ඇත්තේ, “My Daughter Trapped in a Car Under the Burning Sun” යන හිසින් යුතුවයි.

අදාළ වීඩියෝව ඇස ගැටුණු කවුරුත් මෙම සැමියාට සහ බිරිඳට දොස් පවරා තිබුණේ, වීඩියෝ කිරීම පසෙකලා දියණියව බේරාගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙනි.

සිදුවීම සම්බන්ධයෙන් දියණියගේ පියා පසුව සඳහන් කර තිබුණේ දියණියන් දෙදෙනා සමඟ තම පුතාව බාලාංශයට රැගෙන යාමට ගිය අවස්ථාවේදී මෙම වීඩියෝව පටිගත කළ බවයි.

ගමන අතරතුර ඔහු ‘නැනෝකා’ ලෙස හඳුනාගැනෙන දෙහැවිරිදි දියණියව මෝටර් රථයේ පිටුපස අසුනේ තබා දොර වසා තිබෙනවා.

එහිදී අහම්බෙන් දොර ලොක්ව ඇති බවකි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ නමුත් එවන් අවස්ථාවක හැකි විගස කාගේ හෝ සහය පතනවා වෙනුවට, බියෙන් තැතිගත් දියණියගේ හැඟීම් රූගත කරමින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමටයි දියණියගේ පියා කටයුතු කර ඇත්තේ.

මෙලෙස ඇයව පැය භාගයකට ආසන්න කාලයක් මෝටර් රථය තුළ තබාගෙන සිට ඇති බව සඳහන්.

වීඩියෝ කිරීමෙන් පසුව වාහනයේ අගුළු කැඩීමට පුද්ගලයෙකුව සම්බන්ධ කරගැනීමටයි දියණියගේ පියා පියවර ගෙන ඇත්තේ.

කෙසේ නමුත් අදාළ සිදුවීමෙන් දියණියට දැනට සෞඛ්‍ය බලපෑමක් පෙන්නුම් නොකරන නමුත්, පසුකාලීනව යම් අයහපත් තත්ත්වයක් මතුවිය හැකි බවයි සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කිසිවෙක් මෙවන් හැසිරීමක් පිළිනොගන්නා තැන එල්ල වන දැඩි විවේචන මධ්‍යයේ, “සියල්ලන්ම අපහසුතාවයට පත් කරන වීඩියෝවක් කිරීම ගැන තමන් ඉතා කණගාටු වන” බවට දියණියගේ මව සහ පියා පසුව සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශක් ද නිකුත් කර තිබෙනවා.

Leave a Reply