Do not visit government offices

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අසනීප නිවාඩු වාර්තා කිරීමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (09දා) දිනයේද ක්‍රියාත්මක බව පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

මේ වනවිට ක්‍රියාත්මක වැඩවර්ජනය පිළිබඳ ප්‍රකාශයක් කරමින් පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු උදේනි දිසානායක පවසා සිටියේ, විධායක සේවාවට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයාට ලබාදිය යුතු බවයි.

තවදුරටත් අදහස් දැක්වූ උදේනි දිසානායක,

“රටේ සියලුම ආයතන වැසීගෙන යන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා නැවත වාරයක් රටේ පුරවැසියන්ට මතක් කරනවා ඔබගේ කාර්යයන් ඉටුකරගැනීම සඳහා රජයේ කාර්යාලවලට පැමිණෙන්න එපා.

විධායක සේවාවට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයාට ලබාදිය යුතුයි.

වටවංගු ගහලා මේක බකල්කරන්න ආණ්ඩුවට කිසිම හැකියාක් නැහැ” 

යනුවෙන් පැවසුවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පවසා සිටියේ, ආණ්ඩුව ප්‍රශ්නෙන් පැනලා යන්න උත්සාහ කරනවානම්, ඊට එරෙහිව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක්ව සිටියි.

Leave a Reply