fbpx
Karu Jayasuriya appointed Chair of Former Parliamentarians’ Caucus

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරූ ජයසූරිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඒකමතිකව පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ පළමු රැස්වීමේදී මෙම පත්කිරීම සිදු කර ඇත.

හිටපු කථානායක කරු ජයසූරියගේ නම හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී ජයසේන විසින් යෝජනා කර ඇත.

එම යෝජනාව පොදුජන පෙරමුණේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත ප්‍රේමරත්න ඒකමතිකව ස්ථිර කලේය.

හිටපු මන්ත්‍රීවරුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡාවක් පැවති අතර එහිදී පාර්ලිමේන්තු මහලේකම්වරයා කියා සිටියේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය එම ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින බවයි.

රටේ අනාගත සංවර්ධනය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුම සහ අත්දැකීම් දායකත්වය ලබාදීමේ වැදගත්කම කථානායකවරයා පෙන්වා දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන අත්දැකීම් උපයෝගී කර ගනිමින් රටේ සංවර්ධනයට දායක වීම සඳහා බල මණ්ඩලය සඳහා ව්‍යවස්ථාවක් සැකසීමට සහ අනුකමිටු පිහිටුවීමට ද මන්ත්‍රීවරු එකඟ වූහ.

ඒ අනුව සුබසාධන කටයුතු, ව්‍යවස්ථාපිත කටයුතු, දේශපාලන කටයුතු, ආර්ථික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අනුකමිටු පිහිටුවන ලදී.

Leave a Reply