fbpx
VAT has to be increased from 18% to 21%

වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම් සපුරාලීම සඳහා දැනට පවතින එකතු කළ අගය මත බද්ද (වැට්) 18% සිට 20-21% දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඊයේ ප්‍රකාශ කළේය.

ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම්වලට එකඟ වීමට රජයට හැකියාවක් නොමැති බවත් එසේ කිරීමෙන් සාමාන්‍ය ජනතාවට අමතර මූල්‍ය බරක් පැටවෙන බවත්ය.

මේ අතර වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කෙසේ වෙතත්, වැටුප් විෂමතා පිළිබඳ විද්වත් කමිටුවක නිර්දේශ මත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම 2025 අයවැය මගින් සලකා බලන බව එහිදී ප්‍රකාශ විය.

Leave a Reply