A group of children have been locked up in a nunnery

කාමරයක රඳවා වට්ටක්කා සමග බත් විතරක් දීලා

HotLocalWomen

දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ භික්ෂුණී ආරාමයක දරුවන්ට හිංසා පමුණුවමින් අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන ළමා නිවාසයක් ඉකුත් 6 වැනිදා වටළා, එම පාලිකාව සමග ගැහැනු ළමයි හත්දෙනකු ගල්කිස්ස පොලිසිය සිය භාරයට ගෙන ඇත.

මෙම ගැහැනු ළමයි කුරුණෑගල, රාගම, පානදුර, මට්ටක්කුලිය, මහනුවර යන දුර බැහැර පළාත්වල, වයස අවුරුදු 6ත් 15ත් අතර පසුවන්නන් බව පොලිසිය කියයි.

මෙම ළමයින් කිසිවකුටත් පාසල් යෑමට පවා නොදී, කාමරයක රඳවා තබාගෙන, දිනපතා වට්ටක්කා සමග බත් පමණක් ලබා දීම හේතුවෙන් මන්දපෝෂණ තත්වයෙන් පෙළෙමින් සිටි බව පොලිසිය පැවැසීය.

මෙම ළමයින් බොහෝදෙනකු මවුපියන් විදේශගත වන විට රැකවරණ පතා ලබා දී ඇති අතර, ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂ ගණනින් එවන බවත්, තවත් රාජ්‍ය නොවන ආයතන ද ළමා නිවාසයට ලක්ෂ ගණනින් මුදල් එවා ඇති බවටත් අනාවරණය විණි යැයි පොලිසිය කියයි.

මෙම මුදල් ළමයින් වෙනුවෙන් වැයනොකර, සුඛෝපභෝගී රථයක් පවා ලබාගෙන ඇති බවත් අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවැසීය.

මේ පිළිබඳව පසුගිය 24 වැනිදා කොළඹ පොලිස් ළමා හා කාන්තා මූලස්ථානයේ 109 හදිසි අංකය මගින් යසෝරාපුර ආරාමයක නිසි අහරක් නොදී පාසල් පවා නොයවා ගැහැනු ළමයින් පිරිසක් සඟවාගෙන සිටින බවට කරන ලද දැනුම් දීම මත මූලික විමර්ශනයක් සිදුකර, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මානව හිමිකම් කාර්යාලය, බෙල්ලන්තර ළමා හිමිකම් කාර්යාලයත් දැනුවත් කර ඇතැයි ද පොලිසිය පැවැසීය.

ඒ අනුව, ඉකුත් 5 වැනිදා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරි අජිත් ඒකනායක, ගල්කිස්ස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ එම ආරාමය පරීක්ෂාවට ගියත්, එයට ඉඩ දී නැත.

ඒ අනුව, දොර කඩා ඇතුළුවන විටත් ළමයින් ඇඳ යට දොර මුලුවල සැඟව සිට ඇතැයි කියයි.

දර හෝ ගෑස් වෙනුවට හඳුන්කූරු මිටි ගණනින් ළිපට දමා පත්තු කොට, බත් හා වට්ටක්කා පමණක් දිනපතා කෑමට ලබා දී ඇති අතර, පෝෂණ ගුණයෙන් යුත් ආහාර කිසිවක් ලබා දී නැති බවත් මෙහිදී හෙළි විණි යැයි පොලිසිය පැවැසීය.

ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් නියෝග මත, දරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් වෛද්‍ය වාර්තා මත මේ වන විට ළමයින් කොළඹ ප්‍රදේශයේ ළමා නිවාසයකට රැකවරණය සඳහා බාර දී ඇති බවත් පොලිසිය කියයි.

(ලංකාදීප)

Leave a Reply