මේ දිනවල රට පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනවල වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය බාරගන්නා බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.
රටේ උද්ධමනය වැඩි වී තිබෙන බවත් රජයේ සේවකයන්ට ලැබෙන සොච්චම් පඩියෙන් ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති නිසා මෙම වැඩ වර්ජනය ක්‍රියාවලියට තමන් සහය දෙන බවයි ඔහු පවසන්නේ.
වැටුප් වැඩි කිරීමට නම් වැට් වැඩි කළ යුතු යැයි ආණ්ඩුව පැවසුවත් මහ බැංකුවේ සහ විධායක ශ්‍රේණිවල වැටුප් වැටුප් වැඩි කර ගත්තේ කුමන පදනමකින්දැයි ඔහු ප්‍රශ්න කරනු ලබනවා.
වැටුප් වැඩි කිරීමට මුදල් නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කලත් බදු සහන ලෙස ලබා දී ඇති බිලියන 600 නැවත අයකරගත හොත් එම ප්‍රශ්ණ වලට විසඳුම් ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ.
ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිත නිසා මෙම ඉල්ලීම් දිනා ගැනීමට හොඳම අවස්ථාව මෙය බවයි ඔහු පවසන්නේ.