Don't touch a land of cannibals

මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා

FeaturedHot

කාගෙ කාගෙත් ජනාධිපතිවරණ කැම්පේන් පිම්මේ ඉස්සරහට යනවා.රනිල්,සජිත්,අනුර කියන ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා අතරට පහුගිය 07 වෙනිදා තවත් ප්‍රබල අපේක්ෂකයෙක් එකතු වුනා.ඒ නාමල් රාජපක්ෂ.දැන් අපි හරියටම අපේක්ෂකයෝ ටිකයි සපෝටර්ලා ටිකයි වෙන් කරගන්න ඕනි.රනිල්,සජිත්,අනුර වෙනුවෙන් දාපු සපෝටර්ස්ලා කීපදෙනෙක්ම ඉන්නවා. සපෝටර්ස්ලාට ලොකු වැඩක් කරන්න බෑ.

පොදුවේ ජනාධිපති අපේක්ෂකයෙකුට හම්බ වෙන වරප්‍රසාද ටික හම්බවෙයි.පාස්පෝට් එකටත් ජනාධිපති අපේක්ෂකත්වය හොඳයි.හැබැයි සමහර සපෝටර්ලා අපේක්ෂකයෝ විදිහට දාන්නේ ඡන්ද කඩන්න.නාමල් කියන්නේ ඒ ජාතියේ සපෝටර් කෙනෙක්.ඡන්ද කඩන්න දාපු අපේක්ෂක සපෝටර් කෙනෙක්.නාමල්ගේ අරමුණ පොහොට්ටුවේ ඡන්ද කුට්ටිය ගෙඩිය පිටින් රනිල්ට යන එක වැළැක්වීමයි.නාමල් සේවය කරන්නේ කෙලින්ම සජිත් වෙනුවෙන්.

හැබැයි අනුරටත් ඒකෙන් අනියම් වාසියක් වෙනවා.

මොකද නාමල්ලා සපෝට් එක දෙන්නේ සජිත් දිනනව නං විතරයි.දැන් සජිත් ඉදිරියෙන් ඉන්නවා.ඒ ඉදිරියෙන් සිටීම තමයි මෙයාලා සජිත් දිනනවා කියලා හිතන්නේ.ඒක වැරදි ගණනය කිරීමක්.සමහරවිට ඔය වැරදි ගණනය කිරීම පාඨළීත් කරගන්න පුළුවන්.නාමල්ගේ plan B එක ගැන රටේ රාළ කලින්ම කිව්වා.Plan B එකේ තියන කෙටි කාලීන සැලැස්ම සජිත් ජනාධිපති කරලා නාමල් විපක්ෂ නායකයා කිරීමයි.ඒකේ දිගුකාලීන Plan එක වෙන්නේ අවුරුදු පහෙන් නැත්තං මගින් හරි සජිත් වට්ටලා නාමල්ට ජනාධිපති වෙන්න ground එක හදාගැනීමයි.

ඇත්තටම රාජපක්ෂලා සජිත්ට කරන්න හදන්නෙත් රනිල්ට කරපු වැඩේම තමයි.

රාජපක්ෂලා යටත් වෙලා ඉන්නේ අවස්ථාව එනකං විතරයි.රාජපක්ෂලා තරම් විසකුරු දේශපාලන සර්පයෝ ජාතියක් රටේ රාළ නං තවම දැකලා නෑ.මෙතන රාජපක්ෂලාගේ පළවෙනි අරමුණ රනිල් පරද්දලා සජිත් දිනවන්න.නාමල් නං ඉන්නේ රනිල් පරද්දලා අනුර නෙවෙයි බත්තරමුල්ලේ සීලරතන හාමුදුවෝ දිනුවත් කමක් නැති සයිස් එකේ.රාජපක්ෂලාගේ මේ උත්සාහය පරද්දන ප්ලෑන් එකක් රනිල් පාර්ශවය ළඟ තියනවා කියලා තවමත් පේන්නේ නෑ.

නාමල් සාධකය විසින් මේ රේස් එක හරවන්න පුළුවන් පැති කීපයක් තියනවා.ඒ වගේම මේක නාමල්ලගේ පාලනයෙන් ගිලිහිලා වෙනමම පැත්තකට තල්ලු වෙන්නත් පුළුවන්.මේ සියල්ල තීරණය වෙන්නේ රනිල් බැට් කරන විදිහ අනුවයි. රටේ රාළ දකින විදිහට මේ කැම්පේන් එකේ අවධි තුනක් තියනවා.එකක් තමයි අගොස්තු 15 දක්වා වෙන නොමිනේෂන් පීරියඩ් එක.අනික අගෝස්තු 15 සිට අගෝස්තු 31 ක දක්වා අතර මැඳ කාලය. ඊට පස්සේ සැප්තැම්බර් 21 දක්වා කාලය.

එතනින් එහාට කතා කරන්න වෙන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිපලත් එක්ක.අගේස්තු 15 දක්වා නොමිනේෂන් පීරියඩ් එක කියන්නේ ඉතාම කෙටි කාලයක්.අගෝස්තු 15 වෙන් නොමිනේෂන් ඉවරයි.අගෝස්තු පහලොව දක්වා රනිල්ට, සජිත්ට,අනුරට සහ නාමල්ට කරන්න තියෙන්නේ මානසික මෙහෙයුමක්.ඒ කියන්නේ සතුරා මානසිකව වැට්ටවීමයි.රනිල් කරන්න ඕනි සජබෙන් පිරිසක් ගන්න එක සහ තමන් ලග ඉන්න පොහොට්ටුවේ කට්ටිය පරිස්සම් කරගැනීමයි.

ඒ වගේම රනිල් score කරන්නත් ඕනි.සජිත්ට කරන්න තියෙන්නේ දැනට මල්ලට දාගෙන තියන ටික රැකගන්න එකයි.තව තව දේවල් මල්ලට එකතු කරගන්න එකයි.සජිත්ට ඒකට ලොකුම සපෝට් එක දෙන්නේ නාමල්.නාමල්ලා දැනටමත් එයාලට පක්‍ෂපාතී ඇමතිවරු ඉල්ලා අස්කරගන්න හදනවා.ඒ වගේම රනිල් එක්ක ඉන්න පිරිසට බරපතල චෝදනා එල්ල කරනවා.ඒකෙන් එයාලා හදන්නේ රනිල් එක්ක ඉන්න කණ්ඩායම එරෙහි ජනමතයක් ගොඩනගන්න.

රනිල් ළඟ ඉන්නේ හොරු කියන එක හදන්න.ඒ අර්ථයෙන් බැලුවොත් පොහොට්ටුවේ,සජබෙ සහ රනිල් ළඟට ආපු ඔක්කොත් හොරු තමයි.ඒකෙන් අනියම් වාසියක් මාලිමාවට එනවා.ඔක්කොම හොරු කියන සංකල්පය ජනතාවට ආවොත් ඒකේ වාසිය යන්නේ මාලිමාවට.මේ හදන්නේ බංකොලොත්භාවයෙන් රට බේරාගත්තේ රනිල් කියන සටන් පාඨය වහලා දාන්න.එයාලා දන්නවා රනිල්ට ඒ සටන් පාඨය ඇතුලේ දොරක් ඇරෙනවා කියලා.රනිල්ට ඇරිලා තියන දොරවල් ටික වහන එක තමයි නාමල්ලගේ අරමුණ.

රනිල් එක්ක ඉන්න කණ්ඩායමේ වගකීම තමයි නාමල්ලා ගේන්න හදන දේශපාලන සටන් පාඨ පස්සට දාලා රනිල්ට වැඩි වාසිදායක ආර්ථික සටන් පාඨය උඩට ගන්න එක.අනිවාර්යෙන්ම රනිල් හැර කවුරු දිනුවත් අපිට ආර්ථික වශයෙන් ඇක්සිඩන්ට් එකක් වෙනවා.

මොකද රනිල් පැරදුනොත් lMF ක්‍රියාවලිය නතර වෙනවා.අලුතෙන් එන ජනාධිපතිවරයා එක්ක IMF එක අලුත් negotiation එකකට එන්න ඕනි. සජිත්ලා,අනුරලා කියන්නේ IMF ගිවිසුම නැවත සමාලෝචනය කරනවා කියලා.එහෙම කරන්න බෑ.පුළුවන් ඒක ඉරන්න විතරයි.විපක්ෂයේ මේ වැරදි සටන් පාඨයවලින් ආර්ථික ප්‍රශ්නය වහන්න හදන එක නතර කරලා රනිල් පැරදුනොත් රටට වෙන ආර්ථික හානිය කියන්න ඕනි.රනිල් ඒක කලත් අනිත් අයගෙන් ඒක එන්නේ නෑ.

රාජපක්ෂලා සහ සජිත්ලා අටවන උගුලේ වැටිලා එයාලත් එක්ක මාරාන්තික සටනකට ගියොත් රනිල්ට අවාසියි.2022 න් පස්සේ අද දක්වා රනිල් අරන් ආපු තැන සහ තිබුණ තැන තමයි මතු කරන්න ඕනි.මේ යන ගමන නතර උනොත් එක්සිඩන්ට් එක අනිවාර්යයි.ඒක නිසා රට ගොඩනගන්න නම් රනිල් ආපු පාර හැර වෙන පාරක් නැති බව ජනතාවට තහවුරු කරන්න ඕනි. ඒක හරියට කලොත් අගෝස්තු 31 න් පස්සේ රනිල්ට ලොකු අවකාශයක් විවෘත වෙනවා.

රනිල්, සජිත් සහ නාමල් එක්ක අනවශ්‍ය බලු පොරයකට වැටුනොත් ඔය දෙන්නටම නැතිව අනුර මස් කෑල්ල අරන් යන්න පුළුවන්.ඒ අවධානමත් මෙතන තියනවා.සජිත් දිනුවොත් බංකොලොත් රටක් අනිවාර්යයි.අනුර දිනුවොත් බංකොලොත් රටක් සහ මිනී කන්නන්ගේ දේශයක් අනිවාර්යයි.බංගලි ජෙප්පන්ගේ හැටි පේනවා නේද?

හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ

Leave a Reply