තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් දූෂණය කළ පාසල් සිසුන් 17 දෙනෙකු සහ කාන්තාවක් තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2023 වසරේ සිට අවස්ථා රැසකදී විවිධ ස්ථානවලදී මෙම සිසුන් විසින් දැරියව සමූහ වශයෙන් දූෂණය කර ඇති බවටයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
අපයෝජනයට පත් සිසුවිය එම පාසලේම සිසුවෙකු හා මිතුරුකමක් පවත්වා ගෙන ගොස් තිබෙන අතර, ඔහු විසින් මෙම දැරිය රවටා යහළුවෙකුගේ නිවසකට රැගෙන ගොස් එහි සිටි තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ බලහත්කාරයෙන් දැරියට මත්පැන් පොවා සමූහ දූෂණය කර වීඩියෝ ගත කර තිබෙන බව වාර්තා වනවා.
පසුව එම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ එම පාසලේම සිසුන් 20 දෙනෙකු සහ ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු ඇතුළු සිසුන් විසි දෙදෙනෙකු අවස්ථා හතකදී මෙම දැරියව දූෂණය කර ඇති බවට අනාවරණ වී ඇති බව සඳහන්.
සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන්ගේ දෙමව්පියන් ප්‍රදේශයේ යම් සමාජ බලයක් හිමි පිරිසක් වන අතර එම නිසා මෙම සිද්ධිය යටපත් කිරීමට ඔවුන් ක්‍රියාකර ඇති බව සඳහන්.
ඊට අමතරව දැරිය වෛද්‍ය පර්යේෂණය සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කළ අවස්ථාවේ දී එහි වෛද්‍යවරයෙකු දැරියට හා මවට බැන බිය වද්දා ඇති බව දැරියගේ මව විසින් පපොච්ඡාරණය කර තිබෙනවා.
දැරියගේ මව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එම සිද්ධියෙන් මානසික පීඩනය දරාගත නොහැකිව දැරිය ඇයගේ කාමරයේ විවිධ සටහන් ද ලියා ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.
දැරිය වෛද්‍ය පර්යේෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (12) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.