ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ඇතුළු ප්රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධාන ගතවීම අද (14) සිදුවුණා.
ඒ බත්තරමුල්ලේ පැවැත්වෙන උත්සවයක දීයී.
නව සන්ධානයේ නායකත්වයට පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර තිබෙනවා.
එහි ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබෙන අතර භාණ්ඩාගාරික ධුරයට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පත් කර ඇති බව සඳහන්.
නව සන්ධානයේ අනුශාසක ධුරය පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාට ලැබී තිබෙනවා.
නව සන්ධානයේ ජාතික සංවිධායක ධුර දෙක හිමිව ඇත්තේ පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සහ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාදු යන මහත්වරුන්ටයි.
එමෙන්ම 21 දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් මෙයට ඇතුළත්.