දෙරණ නාලිකාවේ අද (17) රාත්‍රියේ දෙරණ 360 විශේෂ වැඩසටහනට සහභාගී වීමට නියමිතව සිටි සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එම වැඩසටහන මඟ හැර තිබෙනවා.
මේ නිසා එම ආයතනය දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් මේ වන විට අදාළ වැඩසටහන විකාශනය වීමට නියමිතව තිබු වෙලාවේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ පක්ෂ නියෝජනය වන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගී කරගනිමින් වෙනත් දේශපාලන වැඩසටහනක් විකාශනය කෙරෙන බවත් වාර්තා වනවා.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව් ඩී වීරසිංහ , සමගි ජන බලවේගය නියෝජනය කරමින් අජිත් මාන්නප්පෙරුම ,ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස සහ සර්ව ජන බලය නියෝජනය කරමින් ගෙවිදු කුමාරතුංග යන මහත්වරු සහභාගී වනවා.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අද දෙරණ 360 විශේෂ වැඩසටහනට සහභාගී වන බවට පූර්ව ප්රචාරක පට දෙරණ නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම පිලීබදව සජිත් පේමදාස මහතා වෙනුවෙන් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා ලිපියක් මගින් විරෝධය පල කර තිබෙනවා.
ඔහු සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණෙන බව දැනුම් දී තිබෙන පසුබිමක දෙරණ නාලිකාව මෙලෙස පූර්ව ප්රචාරක පට නිකුත් කර ඇති බවයි.
එහෙත් සජිත් ප්‍රේමදාස මහතා මෙම වැඩසටහනට සහභාගී නොවන බව දැනුම් දී ඇත්තේ අවසන් මොහොතේ වන අතර ඊට පෙර ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබුණේ ද නැති බව වාර්තා වනවා.
මෙම ලිපිය ඒවා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාටද හොර රහසේ බවත් එය නිකුත් කර ඇත්තේ ජලනි ප්‍රේමදාස හා ලක්ෂ්මන් ෆොන්සේකා යන දෙදෙනා පමණක් දැනුවත්ව බවයි වාර්තා වන්නේ.