Anura Kumara Dissanayake is elected as the 9th Executive President of Sri Lanka

අනුරට ඉඩදී රනිල් පිටව යයි

HotLocalPolitical

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.

දිව්රුම්දීමට නියමිත නව ජනාධිපතිවරයාට රාජකාරි භාරගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු මෙලෙස ඉවත්ව ගොස් ඇත.

ජනාධිපති ධූරයට අදාළ වාහන සහ නිල නිවසද ජනාධිපතිවරයා විසින් ආපසු භාරදී ඇති බව වාර්තා වේ.

අනුර දිසානායක හෙට දිනයේ මෙරට නවවැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන බව ප්‍රකාශ කෙරී ඇත.

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වී තිබේ.

මනාප ඡන්ද ගණනය කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179කි.

ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස ඡන්ද 4,530,902ක් ලබාගෙන තිබේ.

2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ජයහිමි කර ගත්තේය. ඔහු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179 කි.ඒ අනුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වුණේ මනාප ඡන්ද ගණන් කළ පළමු අවස්ථාව ලෙසය.2024 ජනාධිපතිවරණය ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග කළ මැතිවරණය වන අතර ඊට තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 39කි.නාම යෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණයට පෙර මිය යෑම හේතුවෙන් සැබෑ ලෙසම මැතිවරණයට තරග කළේ අපේක්ෂකයින් 38 දෙනෙකු පමණි.මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ සමගි ජනබලෙව්ගය නායක සජිත් ප්‍රේමදාසය.

ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයක්

අනුර කුමාර දිසානායකගෙන් පණිවුඩයක්

“සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ.””ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.””අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි.””සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුස්ලිමානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!”- අනුර කුමාර දිසානායක –

    Leave a Reply