සජිත් කැපූ අජිත්ට, වරුණ සහ ප්‍රසාද් සැරට ම කියයි!

HotPolitical

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසීය.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව, තමා ගම්පහ ආසන සංවි­ධා­යක ධුර­යෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂ සංවි­ධා­යක වරුණ දීප්ත රාජ­පක්ෂ පත් කිරී­මට සමගි ජන බල­වේ­ගයේ නාය­ක­ත්වය ගනු ලැබූ අධූ­ර­දර්ශී ක්‍රියා­වට විරෝ­ධය පළ කර­මින් මෙවර මැති­ව­රණ සට­නින් ඉව­ත්වන බව ඔහු එහිදී කියා සිටියා.

මේ පිළිබඳව මීරිගම සජබ ආසන සංවිධායක, ප්‍රවීණ දේශක ප්‍රසාද් සිරිවර්ධන මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගම්පහ ආසනයේ සජබ නව සංවිධායක වරුණ රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහනක් තබමින් මාන්නප්පෙරුමට පිළිතුරු දී ඇත්තේ “මිත්‍රයා ඇත්ත කතා කරමු..” කියාය.

මිත්‍රයා ඇත්ත කතා කරමු….

මම සාමාන්‍යයෙන් ඉන්න තැන හරියටම කකුල් දෙක බිම තියල හිටගෙන ඉන්න කෙනෙක් , ඒ නිසා ඉන්න තැන දිනවන්න කරන්න ඕනෙ ඕනෙම කැපවීමක් කරන කෙනෙක්.

පහුගිය ජනාධිපතිවරණය රනිල්ට දිනන්න බෑ කියල මුලදිම දැනුන , දිනන්න නම් සජබෙන් පිරිසක් එන්නම ඕනෙ , එනව කියල ලොක්ක කියපු අය එන්නෙ නැති උනහම අපෙන් මොනවද වෙන්න ඕනෙ කියල මම ඇහුව , රුවන් සජබෙ කට්ටියක් එක්ක කතා කරනව කියල ලොක්ක කිව්ව .

රුවන්ගෙන් ඇහුවහම , එන්න අය ඉනව මුලින් එන්න කෙනෙක් නෑ , තලත , මාන්නප්පෙරුම ,, etc කිව්ව , මම ඇහුව හරි මාන්නප්පෙරුමට එන්න භාදාව මම නම් මම එයා එක්ක කතා කරන්නද කියල

හා කියපු ගමන් මම මාන්නප්පෙරුම හම්බ උනා , තනියම නෙමේ , සමීර රන්දෙනිය මාත් එක්ක ගියා, මම ඇහුව ඔයා එනවද කියල, ඔව් එනව , ඒත් ඔයාල එක්ක ඉන්න අය මාව පිලිගනීද කියල ඇහුව ,.

මම කිව්ව , හරි මම සංවිධායක කම දෙන්නම් , ආසනේ සේරම එකතු කරල දෙනම් කියල ,

එයා ඇහුව , ඔයා ඒ සේරම අපේ ගෙදරට එක්කන් එනවද කියල , මම කිව්ව හරි මම unp සේරම ඔයාගෙ ගෙදරට ගේන්නම් කියල

මාත් එක්ක එන්න තව තුන්දෙනෙක් සෙට් උන ගමන් එනව කියල කිව්ව , අන්තිම පාර ඇහුවම කිව්වෙ දැන් නම් ලොක්ක දිනන්නෙ නෑ වගේ , ඇවිත් වැඩක් නෑ කියල. ගම්පහ ස ජ බෙ වැඩ නැති නිසා , මම දන්න ස ජ බෙ මිනිස්සු මාලිමාවට හැරිල කැන්වසින්‍ යද්දි මම කිව්ව එක්කො ඔයා එන්න නැත්නම් ස ජ බෙට වැඩ කරන්න , මෙහෙම ගියොත් මාලිමාව ලීඩ් තියල ගම්පහ දිනව කියල

මිත්‍රය මම ඉන්න තැන වෙනුවෙන් මරාගෙන මැරෙන්න මැදිහත් වෙනව , ඕනෙ කැපකිරීමක් කරනව , ඒ නිසයි ඔයා ලගට ඇවිත් මගෙ සංවිධායකකම දෙන්නම් කිව්වෙ මට ස ජ බෙන් සංවිධායකකම ගන්න කියල සජිත් ප්‍රේමදාස මහත්මය කියපු වෙලාවෙ , මම කිව්වෙ, මම තමා ඔයාට වාඩියෙන්ම ගැහුවෙ , ඔයාට අවුලක් නැද්ද කියල
සජිත් ප්‍රේමදාස මහත්මය කිව්ව

ඔයා ඉන්න තැන කෙලින් හිටිය , පරදින බව දැනගෙන ගේම අතාරින්නෙ නැතුව සටන් කලා , මට ඕනෙ එහෙම අවංක මිනිස්සු, ඔයා මට කරපු හැම විවේචනයක්ම මම දන්නව, මට ඒක අවුලක් නැත්නම් කාටවත් අවුලක් වෙන්න බෑ , ඔයා එන්න ඇවිත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඔයා වැඩකලා වගේ අවංකව වැඩ කරන්න කියල .

ඉතින් දැන් බොරු විවේචන කරන්නෙ නැතුව , දැන්වත් ඉන්න තැනට අවංකව කැපවෙලා වැඩ කරන්න.

මම ගම්පහ ස ජ බෙ හදනව , ඩබල් ගේම් නොගහ පක්ෂෙ වෙනුවෙන් කැපවුන එක මිනිහෙක්ටවත් අසාධාරණයක් වෙන්නෙ නැතුව මම ස ජ බෙ හදනව , ඕනෙනම් අහල බලන්න මම ගම්පහ unp සංවිධායක වෙලා ගෙවුන අවුරුදු හතරට එක මිනිහෙක් කියනවද වරුණ අපිව කැපුව , අසාධාරණයකම් කලා කියල ,, නෑ
ඒ වගේම ස ජ බෙත් හදනව .

ඔයත් ආයෙ දේශපාලනය කරනවනම් ඒ වගේ වෙන්න .. වරදින්නෙ නෑ

(වරුණ රාජපක්ෂ)
සජබ සංවිධායක
ගම්පහ ආසනය

Leave a Reply