හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන තිබේ.
ඒ ඊයේ මිල්ලතේ හර්ෂණ රාජකරුණා මැතිතුමාගේ නිවසේදී සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතිනි.
රාජිත අබේගුණසේකර ගම්පහ ආසනයේ හිටපු එක්සත් ජාතික පක්ෂ කළමණාකාරවරයෙකු ලෙස කටයුතු කල අතර සිවිල් සමාජ ක්රියාකාරකයකුද වෙයි. ඔහු ලෝක යුධ විරෝධී සංධානයේ මහලේකම් වරයාද වෙයි.
අබේගුණසේකර මහතා, ගම්පහ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක රවින්ද්‍ර ගනේගොඩ සහ ගම්පහ ලක්වනිතා ලේකම් ශිරෝමා මල්කාන්ති පසුගියදා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හමුවූ අතර එම අවස්ථාවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද එක්වී සිටියහ
රවින්ද්‍ර ගනේගොඩ මහතා 1997 සිට ගම්පහ මහා නගර සභාව අඛණ්ඩව නියෝජනය කල ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයකුද වෙයි.
ශිරෝමා මල්කාන්ති මහත්මිය ගම්පහ ප්‍රාදේශීය සභා අපේක්ෂකවරියක් ලෙස කටයුතු කල ලක්වනිතා පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිනියකි.