ජනතා මුදල් අවභාවිත කර ඇති ඕනෑම අයකුගෙන් එම මුදල් නැවත අයකර ගැනීම මෙරට ජනතාවගේ බලාපොරොත්තුවක් බව ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි පවසයි.
උගන්ඩාවේ සහ රටේ වෙනත් තැන්වල සඟවා ඇති අයථා ධනය නැවත ලබා ගැනීමේ අවශ්‍යතාව ගැන සඳහන් කළේ එම අර්ථයෙන් බව ද ඇය පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් පැවසූ දේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවයි.
මේ අතර මීරිගම සජබ ආසන සංවිධායක, ප්‍රවීණ දේශක ප්‍රසාද් සිරිවර්ධන මහතා නිලන්ති කොට්ටහච්චිට මහත්මියට පිළිතුරක් ලබා දෙමින් පවසන්නේ බොරුවට ආයූෂ ඇත්තේ සති තුනකට පමණක් බවයි.