හංසමාලිට සහ තාඹුගලට වැඩ වරදියි: විමර්ශණ කඩිනම් කරන්න අධිකරණ නියෝගයක්!

HotLocal

නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් ඊයේ (11) නැවත කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මෙම නියෝගය ලබා දුන්නේය.

උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන පියුමි හංසමාලි ගෝමස් නිරූපණ ශිල්පිනිය රජයට ආදායම් බදු නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් මේවනවිට විමර්ශනයක් සිදුවෙමින් පවතී.

තාබුගල සහ හංසමාලී යන පුද්ගලයන් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් චූදිතයන් දෙදෙනාට එරෙහිව පැවරු නඩු දෙක කැඳවීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

මෙම නඩු දෙක කැඳවූ අවස්ථාවේදී දේශය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ දිනේෂ් පෙරේරා කියා සිටියේ, දේශීය ආදායම් පනතේ 122(2)ආ වගන්තිය සමග කියැවෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 සහ 125 වගන්තිය ප්‍රකාරව චූදිතීන්ගේ පදිංචි ස්ථාන සෝදිසි කිරීමට හා දේපළ තහනමට ගැනීමට අධිකරණය නිකුත් කළ සෝදිසි වරෙන්තු ව ප්‍රකාරව තාඹුගල පදිංචි තලවතුගොඩ නිවසට ගියද ඔහු එම පදිංචි ස්ථානය හැරගොස් ඇති බවට තොරතුරු ඉදිරිපත් වන බවය.

පියුමි හංසමාලී පදිංචි කොළඹ 07 නිවසට ගියද ඇය කිසිදු ව්‍යාපාරික ලේඛනයක් එම පදිංචි ස්ථානයේ තබාගෙන නොමැති බව සඳහන් කළේය.

එසේ හෙයින් තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවද ඊට අවසරය ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply