එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල්ල හිටපු සංවිධායක අසිත මාන්නප්පෙරුම මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබේ.
ඒ, මීරිගම සජබ ආසන සංවිධායක, ප්රවීණ දේශක ප්රසාද් සිරිවර්ධන මහතාට සහය පල කරමින් පල්ලෙවෙල ප්රදේශයේ පැවති අවසන් රැලියට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් ප්රවීණ දේශක ප්රසාද් සිරිවර්ධන මහතා පැවසුවේ රට දියුණු කිරීමට නම් සියලු දෙනා දක්ෂිණාංශික කඳවුර සමඟ එකතු විය යුතු බවයි.