10 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා මේ වන විට සීතල යුද්ධයක් හටගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩු සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ගයන්ත කරුණාතිලක සහ එවක ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ නීතිඥ අජිත්පී පෙරේරා අතරයි.
මේවන විට සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇත්තේ ඉතා සූක්‍ෂම ලෙස ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා සුදුසු පුද්ගලයෙකු ප්‍රධාන සංවිධායක ධුරයට පත් විය යුතු බවටයි.
කලක් විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මෙම කර්තව්‍ය ඉටුකරනු ඇතැයි බොහෝ දෙනකුගේ අපේක්ෂාවයි.
සියල්ලටත් වඩා, අජිත් පී පෙරේරා සිය පක්ෂයට අසමසම පක්ෂපාතීත්වයක් පෙන්නුම් කර ඇති අතර, අභියෝගාත්මක කාලවලදී පවා සජබ සමඟ නොසැලී සිටියේය. අනෙක් අය පක්ෂපාතීත්වය වෙනස් කර හෝ මාරු කර යද්දී, ඔහු නොසැලී සිටියේය, පක්ෂයේ පරමාදර්ශ සහ ජනතාවට සේවය කිරීමේ එහි මෙහෙවර සඳහා ඔහුගේ කැපවීම ඔප්පු කළේය. ඔහුගේ අවංකභාවය සහ සජබ සඳහා ලබාදුන් නොසැලෙන සහයෝගය නිසාම මෙම තීරණාත්මක කාල වකවානුවේදී අජිත් පෙරේරාට එම අවස්ථාව ලබාදිය යුතු බව නවක මෙන්ම ජේෂ්ඨයින්ගේද අදහසයි.
ඒ කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මුල් කරගත් කණ්ඩායමක් හා රෝහිනී කවිරත්න මුල් කරගත් කණ්ඩායමක් අතර තියුණු සටනක් ආරම්භ වී ඇති බවද සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කරයි.