National List MLAs meet Ranil-Ravi to resolve the issue

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවක් විසඳාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහා රවී කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂ නායකයින් රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ඊයේ පවත්වා තිබේ.

මෙම හමුව පවත්වා ඇත්තේ එජාප නායකයාගේ කොළඹ මල් පාරේ නිවසේ දී ඊයේ පෙරවරුවේදීය.

රවී කරුණානායක සිය ආධාරකරුවන් කිහිපදෙනකු සමග එහි පැමිණ සාකච්ඡාව පවත්වා ඇති නමුත් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇතැයි දැනගන්නට තිබේ.

කුමන තත්ත්වයක් යටතේ හෝ තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොවන බව රවී කරුණානායක රනිල් වික්‍රමසිංහට එහිදී දැනුම් දී ඇතැයි පැවසේ.

මේ අතර, රවී කරුණානායක මෙලෙස රහසිගතව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා නම් කිරීම එජාප නායක රනිල් වික්‍රමසිංහගේ තවත් උපායක්දැයින් එම පෙරමුණ සමග සන්ධානගත වූ පාර්ශ්වයන් කිහිපයක් සැක පහළ කර තිබේ.

ඊට හේතුවක් පසුගිය මහ මැතිවරණයේ දී ලබාගත් ප්‍රතිශතයන්ට අනුව එක්සත් ජාතික පක්ෂ පක්ෂ නියෝජිතයකුට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රී ආසනයක් ලබාගැනීමේ හැකියාව නොපැවතීමයි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

One Comment

  1. මුංඔක්කොම එක බෝටිටුවේ
    කට්ටිය මේක නිකං විහිලුවක් විතරයී.රනිල් මේකත් එක මාර්කටීං එකක්
    කරනවා.මූං ඔක්කොම හොරු, වංචාකාරයෝ,දුෂිතයෝ.

Leave a Reply