පසුගිය කාලයේ මාධ්‍ය තුළ ප්‍රකට පුවතක් බවට පත්වූයේ බොලිවුඩයේ සරාගී නිළි සනී ලියොන් නත්තල් සමයේ ලංකාවේ සංචාරයක නිරතවන ආරංචියයි.
ඇය පැමිණෙන්නට නියමිතව සිටියේ බෙලීස් කැසිනෝ නමැති කොළඹ ඞීආර් විජයවර්ධන මාවතේ පිහිටි ලියාපදිංචි කැසිනෝ අවන්හලේ ප්‍රසංගයක් පැවැත්වීම පිණිසය.
නමුත් දැන් වාර්තා වන්නේ සනී ලියොන් ලංකාවට ගෙන්වීම අවසන් මොහොතේ එම කැසිනෝ ආයතනය මගින් අත්හැර දමා ඇති බවයි. ඒ වෙනුවට වෙනත් බොලිවුඞ් නිළියක වන අමීෂා පටෙල් ඔවුන් ගෙන්වා ඇත. ඒ අනුව පසුගිය 20 වනදා ප්‍රසංගය පැවැත්වීම පිණිස අමීෂා ලංකාවට පැමිණ එය පවත්වා පසුදාම ලංකාවෙන් පිටව ගොස් ඇත. සනී ලියොන් ලංකාවට ආවේ නැත.
සනීගේ නොපැමිණීමට හේතුව ඇය බෑ කියූ නිසාද නැතිනම් කැසිනෝ ආයතනය ඇය ගෙන්වීම වෙනස් කළ නිසාද යන්න අපැහැදිලිය.
කෙසේ වෙතත් නොවැම්බරයේ සිට එම ආයතනය සනී ගෙන්වන බව කියා ටිකට් පත් අලෙවි කර තිබුණි.
සනී ලියොන් ලංකාවට ගෙන්වන ආරංචිය පැතිරුණ සමයේ මේ ගැන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ කැසිනෝ ප්‍රවර්ධනය පිණිස නිල් චිත්‍රපට නිළියන් ගෙන්වන යුගයක් යහපාලනය යටතේ ඇතිව තිබෙන බවයි. විමල්ගේ ප්‍රකාශය ගැන රජය කිව්වේ එය නිළියකගේ පුද්ගලික සංචාරයක් නිසා ඒ ගැන රජය නොදන්නා බවයි.
සනී ලියොන් ලංකාවේ අයට ආසා බවත් තැඹිලි බොන්නට කැමති බවත් කියමින් වීඩියෝවක්ද අන්තර්ජාලයේ ප්රකටව පැවතිණි.
කෙසේ හෝ අවසානයේ සනී ලංකාවට ආවේ නැත. එම කැසිනෝ ආයතනය දෙසැම්බර් 20 වනදා සනී ගෙන්වන බවට හා පසුව එය වෙනස් කර අමීෂා ගෙන්වන බවට ප්‍රසිද්ධ කළ ප්රචාරක නිවේදන පහතින්,