ස්වයංවින්දනය කියපු ගමන් සමහර කාන්තාවො මේක කියවන එකකුත් නෑ. ඒ තරම් කුණුහරපයක් වෙලා තියෙන්නෙ ස්වයංවින්දනය කියන වචනය. ලංකාවට ලංකාවෙ බහුතරයකට කුණුහරප වෙච්ච වචන සෙට් එකක් තියෙනවා. ?
“Sex (ලිංගිකත්වය), “Musturbation (ස්වයංවින්දය), Transgender (සංක්‍රාන්ති ලිංගිකයන්),Bysexual (ද්විලිංගික), homosexual (සමලිංගිකයන්), Pregnancy( ගැබ් ගැනීම)., මේ වචන සෙට් එක තනිකරම ලංකාවෙ කුණුහරපයක් වෙච්ච කොට, මම කාන්තාවක් වෙච්චකොට මට මේව ලියනකොට විශාල වශයෙන් කරදර වලට මුහුණපාන්න වෙලා තියෙනවා. මුහුණු පොතේ මගේ පිටුවෙ මම කාලයක් තොරතුරු හොයල හොයල පොත් පත් කියවල, උගත් මිනිස්සු හම්බවුණාම ඒ ගැන කතා කරලා ලිඛිත භාෂාව පැත්තකට කරල මිනිස්සු අතරට යන්න පුළුවන් සරල භාෂාවෙන් ලියන්න පටන් ගත්තා. මට ආසයි මම හොයාගන්න තොරතුරු මිනිසුන් අතරෙ බෙදාහරින්න. නොදන්න අයට ඉගෙන ගන්න.ඒත් අපේ ඇතැම් කාන්තාවො, උගත් යැයි සම්මත තලයේ අය, ගේ ගෙම්බන් මෙන් ලෝකය සමඟ ගනුදෙනු නොකරන මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නොදන්න අප්ඩේට් නැති නූගත් මෝඩ ගැහැණු, හනමිටි අදහස් වලින් මුළු ජීවිතයම රඳවගෙන ජීවත් වෙන ගැහැණු මට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ඔයා නම් මේ සමාජෙට නරක දේවල් ලියලා පෝස්ට් කරනවා. ඔයාට ලැජ්ජාවක් නැද්ද..??? ඔයා කාන්තාවක් නේද..? මොනවද මේ ලියන්නෙ කියලා..?
මගෙ විනෝදාංශය ලියන එක.හැමෝම කතා නොකරන, ලැජ්ජාව බිය නිසා මුළුගැන්වුණු ගැහැණුන්නට ආමන්ත්‍රණය කරන්න මට අවශ්‍ය වුණා. ලැජ්ජාව කියන්නෙ අවශ්‍ය අවස්ථා වලට පමණක් තිබිය යුතු දෙයක් කියන්න මට අවශ්‍ය වුණා. ඉතින් මම සීමා මායිම් බිඳගෙන ලියන්න පටන් ගත්තා.
ස්වයංවින්දය කියන්නෙ බහුතරයක් කතා නොකරන කියපු ගමන් ලැජ්ජා වෙන හරි අපූරු ක්‍රියාවක්. කාන්තාවන්ට ස්වයංවින්දය කරන්න පුළුවන්ද….?? ඔව් පුළුවන්…?…
එතකොට මම හිතාගෙන හිටියෙ මෙච්චරකල් ඒක පිරිමි විතරක් කරන දෙයක්නෙ කියලා ඔබට හිතෙයි.නෑ ස්වයංවින්දනය කියන්නෙ ගැහැනු පිරිමි පාර්ශවයන් දෙකටම කරන්න පුළුවන් දෙයක්. ලංකාවෙ ගැහැණුන්නට මේක අලුත් දෙයක් වුණාට, ගොඩක් බටහිර රටවල කාන්තාවන් මේ ක්රියාවේ යෙදෙනවා. ඒකට හොඳම නිදසුන තමයි ලෝක සෞඛ්‍යය සංවිධානය(WHO) කළ සමීක්ෂණයකට අනුව ලෝකය පුරා කාන්තාවන්ගෙන් 65% ක් ස්වයංවින්දයෙ යෙදෙන බවට දත්ත ඉදිරිපත් කරල තියෙනවා. ලංකාව වගේ රටකට මේක අමුතු දෙයක් උනාට ලෝකයට මෙය අමුතු දෙයක් නෙවෙයි කියලා කාරුණිකව මතක් කරන්න කැමතියි. ස්ව්යංවින්දනය තුළින් ලැබෙන වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. අපි කතා කරමු..?
ස්වයංවින්දනය කියන කාරණාව ලංකාව වගේරටක කාන්තාවන් කරනවාද… අපෝ ඔව් ඕනි තරම් අය ඉන්නවා.හැබැයි කවදාවත් ඒ අය සමාජය ඉස්සරහ ඒ ගැන කියන්නෙ නැහැ.කියන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒක පෞද්ගලික දෙයක් නිසා. ඔබට හොඳම උදාහරණය තමයි ඔබ නොයෙකුත් කතා අහල ඇති අහවල් ගැහැණු කෙනා වීදුරු බටයක් රහස් ස්ථානයට ඇතුළු කරගෙන රෝහල් ගත කරල මිය ගිහින්. අහවල් පාසලේ අහවල් ගැහැණු ළමයා රහස් ස්ථානයට විද්‍යාගාරයේ තිබූ නලයක් ඇතුළු කරගෙන නලය රහස ප්‍රදේශය ඇතුළතදී බිඳී ගොස් රෝහල් ගත කරාට පස්සෙ මිය ගිහිං. මේ තමයි යම් අවස්ථාවක තම ලිංගික හැඟීම් පාලනය කරගන්න බැරි වුණු කාන්තාවන් තැනක් නොතැනක් නොබලා ස්වයංවින්දය වැරදි අවබෝධයෙන් භාවිතා කළ අවස්ථා. ස්වයංවින්දය කියන්නෙ පාලනය කරගත නොහැකි ලිංගික අවශ්‍යතාවට පිළියමක් නමුත් ඒ අවශ්‍යතාවය පාසල තුළදී, පන්ති කාමරය තුළදී පෞද්ගලික අමතර පන්තිය තුළදී , කාර්යාලයේදී, බසයේදී ඔබට පාලනය කරගත නොහැකි නම් එය යහපත් දෙයක් නොවන බව මගේ හැඟීමයි. ස්වයංවින්දනයේ යෙදීම ඔබේ මනස ශරීරය ආතතියෙන් මුදන හොඳ උත්තේජකයක් උවත් ඇබ්බැහි වීම විවාහ ජීවිතය දෙදරා යාමට වුවත් බලපාන බවත් සිහි තබා ගත යුතුයි.ස්වයංවින්දයේ යෙදීම නොව ඇබ්බැහි වීම වරදක් බවත් අධ්‍යාපනය ලබන දුවා දරුවන් මෙයට ඇබ්බැහි වීම අධ්‍යාපන කටයුතු අඩාල වීමට වැඩි වශයෙන් බලපාන අතර ලිංගික ගොඳුරු බවට පත්වීමේ ඉඩකඩ වැඩිය.
ස්වයංවින්දනය කාලින මාතෘකාවක් ඇත්තටම මේක ගැන හරියටම නිර්වචනයක් නැද්ද…? මොකක්ද මේ ස්වයංවින්දනය කියන්නෙ.. අන්තර්ජාලයේ හොයල බලනකොට මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙනවා,
” Masturbation is the sexual stimulation of one’s own genitals for sexual arousal or other sexual pleasure, usually to the point of orgasm.The stimulation may involve hands, fingers, everyday objects, sex toys such as vibrators, or combinations of these.Manual stimulation of a partner, such as fingering, a handjob or mutual masturbation, is a common sexual act and can be a substitute for penetration. “
කෙටියෙන්ම සිංහලෙන් කියනවනම් ස්වයංවින්දනය කියන්නෙ ” ලිංගික උද්දීපනයක් නැතිනම් තමන් විසින්ම තමන්ව ලිංගිකව තෘප්තිමත් කරගැනීම සඳහා තමන්ගෙ ලිංගික අවයව තමන් විසින්ම උත්තේජනය කර ගැනීම ස්වයංවින්දනය ” කියල කිවොත් නිවැරැදි යැයි සිතනවා. ස්වයංවින්දනය කියන මාතෘකාව විවිධ පැතිකඩ ඔස්සේ කතා කළහැකි මාතෘකාවක් වගේම කාන්තාවන් ස්වයංවින්දනය කිරීම විද්‍යාත්මකව, මානසික, කායිකව, සමාජීය වශයෙන් කොහොමද බලපාන්නෙ කියන කාරණා සියල්ලම ඔස්සේ අපිට කරුණු අධ්‍යනය කරල බලන්න සිදු වෙනවා.එතනදි වැඩියෙන්ම බලපාන කරුණ සහ ගොඩ දෙනෙක් දැනගන්න කැමති කාරණය තමයි ස්වයංවින්දනය කියන ක්‍රියාව කාන්තාවට කළ හැකිද.. එය ඇයට විද්‍යාත්මකව බලපාන්නේ කෙසේද යන කාරණාව
ලිංගිකත්වය කියන මාතෘකාව ලංකාවට තනිකරම මැජික් එකක් නිසා. ඒ අතරිනුත් “ස්වයංවින්දනය” කියන මතෘකාව ලංකාවෙ සමහර කාන්තාවන් දන්නෙත් නැති තරම්. හේතුව තමයි මම විශ්වාස කරන්නෙ ලංකාවෙ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිසි අධ්‍යාපන ක්‍රමයක් නැති කම. මට මතකයි අපි පුංචිකාලෙ සෞඛ්‍යය පාඩමට තිබ්බ “ප්‍රජනනය” කියල පාඩමක්. අපි හරි කුතුහලයෙන් බලන් හිටියා මේ පාඩම් ඉගෙනගන්න.ඒත් අපේ ගුරුතුමිය ඒ පාඩම කියවගන්න කියල විතරයි කිව්වෙ. පැහැදිළි කිරීමක් කරේ නැහැ. අපි ඉතින් කවදාවත් සාමාන්‍ය පෙළ/උසස් පෙළ වෙනකම් ආයෙ ප්‍රජනනය ගැන හරියටම දැනුවත් වීමක් වෙන්නෙ නැහැ. ඒක දරුවන්ගෙ වරද නෙවෙයි පවතින අධ්‍යාපන ක්‍රමයෙ වරද…?ඒකට හොදම නිදසුන තමයි ලංකාවෙ තවමත් අවුරුදු 25 ,26, පමණක් නෙවෙයි විවාහක කාන්තාවන් පවා පුවත් පත් වලට ලියන ලිංගික ගැටළු කියවල බලද්දි පුදුම කළකිරීමක් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැන ඇතිවෙන්නෙ.විවාහ වෙන්න කලින්වත් අඩුගානෙ සායනයකිවත් ඔවුන්ට ලිංගිකත්වය පිළිබද හරි සාරවත් සම්මන්ත්රණ තියෙනවද නැද්ද කියලා මම දන්නෙ නැහැ.තිබ්බත් ඒවා සමාන්‍ය මනුස්සයට අවබෝධ වන ආකාරයට සිදු වෙනවාද නැද්ද කියන කාරණය ඇත්තටම කණගාටුදාකයි. අඩුගානෙ ලාංකාවෙ ජනමාධ්‍ය ආයතනයක ජනතාව අතර ප්‍රසිද්ධ නාලිකාවල සමාන්‍ය මිනිස්සු අතරට යන මිනිස්සුන්ට අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් ලස්සන ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් විකාශනය වෙනවද කියලවත් නිකමට වගේ හිතල බලන්න.හරසුන් ක්ෂණික නූඩ්ල්ස් වගේ වැඩසටහන් තමයි මිනිස්සු රූපවාහිනිය ඉදිරියෙ රැඳෙන වෙලාවට ඒවගෙ විකාශනය වෙන්නෙ. මොනාහරි වැදගත් දෙයක් ගියත් යන්නෙ රෑ 12ට, පාන්දරට… ඉතින් මිනිස්සු අතරට කොහොමද ඒවා යන්නෙ ඉතාමත් සෝචනීය තත්ත්වයක් ඒක..
කවුරුත් කතා කරන්න අකමැති,ලැජ්ජාව නිසා මුළු ගැන්වී ස්වයංවින්දනය පිළිබඳ හරිහැටි අවබෝධයක් ඇතිව හෝ නැතිව මේ ක්රියාවේ යෙදෙන කාන්තාවන් බොහෝ පිරිසක් අපි අතරම අප සමාජයෙ ජීවත් වෙනවා. ඉතින් එවන් අයට අත්වැලක් වී ආමන්ත්‍රණය කර මම සොයාගන්න ඉගෙනගන්නා කරුණ තුළින් අවබෝධයක් ලබා දීම තමයි මගේ අරමුණ.ලියන්නෙක් ලියනවානම් ගල් මෙන්ම මල් ද බලාපොරොත්තු විය යුතුයි.ඉඳින් මට මල් වලට වඩා ගල්මුල් ප්‍රහාර පුරුදු බැවින් මා අවබෝධයෙන් ලියන්නට හුරු පුරුදු වී ඇති නිසා ඉතාමත් ගෞරවයෙන් අවබෝධ කරගන්නා ලෙස ඉල්ලා සිටින්න කැමතියි.කොහොම නමුත් මේ සම්බන්ධයෙන් වැරදි මත , වැරදි අවබෝධයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනවා . ඉතින් ඒ වැරදි අවබෝධය නිවැරැදිව අවබෝධයක් ලබාගත් අයෙක් පමණයි මේ සම්බන්ධයෙන් මෙහි ඇති වාසි, අවාසි හඳුනාගන්නේ…..
ස්වයංවින්දනය ඇත්තටම ස්වභාවික සංසිද්ධියක්. මනුස්සයෙක් වශයෙන් ඉපදුණු නිරෝගී මනුස්සයෙකුට කුමන හෝ ආකාරයේ ලිංගික හැඟීමක් පහළ වීම සාමාන්‍ය දෙයක්. සමහර ලංකාවෙ මිනිස්සු හිතන්නෙ ඒක හරි අසාමාන්‍ය දෙයක් කියලයි. මොකද විවාහ වුණාම විතරයි ලිංගික හැඟීම් උද්දීපනය වෙන්න ඕනි කියල හිතන පිරිසකුත් සමාජයෙ ඉන්නවා. ලැජ්ජාවෙන් උනත් එහෙව් නූගත් අවබෝධයක් නැති මිනිස්සු පවා ඉන්නවා කියලා අවධාරණයෙන් කිව යුතුමයි. මුල් බැසගත්ත සමහර හනමිටි අදහස් තුළින් මිනිස්සු තාම ජීවත් වෙන්නෙ වනන්තරේ. නමුත් සංස්කෘතික වශයෙන් ලංකාවෙ සංස්කෘතිය තුළ රැකෙන්න ඕනි ලස්සන තැන් තියෙන බවත් ලංකාවෙ අපේ දේ අගය නොකරන ප්‍රජාවට උවත් ගෞරවයෙන් මතක් කරන්න ඕනි. පළවෙනියටම ස්වයංවින්දනය කියන තැන ඉදන් අපි කතාකරද්දි මේක ආන්දෝලනාත්මක තැනකට එන්නෙ ඊට ඉස්සරහින් කාන්තාව කියන වචනයත් සම්බන්ධ වන විටයි. ඔව් පළමු ප්රශ්නය එයයි. ?කුමරි බඹසර ❤
කාන්තා ස්වයංවින්දනය සම්බන්ධයෙන් කතා කරද්දි විවාහක/අවිවාහක බව බලපාන්නෙ කොහොමද….?
————————————————————–
විවාහක අවිවාහක බව බලපාන්නෙ තවමත් ලංකාවෙ කුමරි බඹසර රැකෙන්න ඕනි කියන දේ ලංකාවෙ සංස්කෘතිමය වශයෙන් හරි මොනවා හරි කාරණයක් නිසා ඒක තදින්ම මිනිස්සුන්ගෙ හිත් වලට කා වැදිල සුදු රෙද්ද උඩ තවමත් ලංකාවෙ කෙල්ලොන්ගෙ රතු පැල්ලමක් දකින්න ඕනි කියන මතය තියෙන නිසාත් එතන්දි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනි.මොකද ස්වයංවින්දනයේ යෙදීමේදී පිරිසිදු භාවය, කන්‍යාභාවය කියන කාරණය රැකගන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරන්න අමාරුයි.බටහිර රටවල නම් කන්‍යාභාවය කියන කාරණය එතරම් වැදගත් කාරණයක් කියල මිනිස්සු පිළිගන්නෙ නැහැ. හේතුව තමයි ඔවුන් ලිවින් ටුගෙදර් සංකල්පය සමඟ තමයි තමන්ට ගැලැපෙනම කෙනා කවුද කියන කාරණේ තේරුම් අරගෙන ඇය/ඔහු හා විවාහය කියන අන්තිම තැනට යන්නෙ.ජීවත් වීමට අවබෝධය/අදහස් ගැලපීම/කායික මානසික වශයෙන් නීරෝගී බව වැනි කරුණු වැදගත් කියන දේ ඔවුන් තදින්ම විශ්වාස කරන නිසා. අනික කන්‍යාපටලය තුළින් ශරීරයට යම් කර්තව්‍යයක් ඉටු නොවන නිසා ඔවුන් එය ගණනකටවත් ගන්නෙ නෑ. ඇත්ත කතාව ඒක තමයි කාන්තාවට ගර්භාෂය නැතිනම් දරුවන් බිහි කරන්න බෑ.ඉතින් ගර්භාෂයක් නැති කෙනෙක් සමඟ විවාහ වෙන්න බහුතරයක් පිරිමි කැමති නැහැ.ඒක සාධරණයි.නමුත් කන්‍යාභාවය කියන්නෙ තනිකරම කිසි තේරුමක් නැති දෙයක්.මේක මගේ පෞද්ගලික අදහස පමණයි. මොකද හැමෝගෙම අදහස් එක වගේ නොවන නිසා. ඒ නිසා කන්‍යාභාවය තිබුණු නියාවෙන්ම ඉතින් කාන්තාවක් වෙන පිරිමියෙක් සමඟ යහන්ගතවෙලා නෑ කියල කොහොමටත් විශ්වාස කරන්න බැහැ.ලිංගික වශයෙන් තමන් ප්‍රේම කරන කෙනා සමඟ සහකරු සමඟ යහන්ගතවී ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් / වින්දනයක් ලබා ගන්නා කාන්තාවන් ඕනි තරම් මේ වෙනකොට සමාජයෙ ඉන්න නිසා නව පරම්පරාවනම් විවාහයට පෙර ගොඩක් වෙලාවට ඒ අත්දැකීම ලබාගන්නවා. ඒක මේ වෙනකොට සමාජයේ බහුලව දකින්න තියෙන දෙයක්.බහුතරයක් මේ වෙනකොට උගත් පිරිමි ළමයි පවා මේ ගැන හරි අවබෝධයෙන් කටයුතු කරන අවස්ථා ඕනි තරම් දකින්න තියෙනවා. කන්‍යාභාවය නැති ගැහැණු ළමයි සමඟ සතුටින් ආදරේ කරල කන්‍යාභාවය නෙවෙයි ජිවත් වෙන්න අවශ්‍ය කියන කාරණේ තේරුම් ගත්තු උගත් තරුණ පිරිස් ලංකාවෙත් මේ වෙනකොට ඉන්නවා. මමනම් විශ්වාස කරන්නෙ ඒ අවබෝධය ගොඩක් වෙලාවට තියෙන එක හොඳ පියවරක් කියලයි. මේ කරුණ නිසා ජීවිතේ අවධානමේ දමාගත් තරුණ පිරිස් ද නැතුවාම නෙවෙයි. ඒ නිසා විවාහයට පෙර ලිංගිකත්වය තුළ රසතැන් සොයායන්න. නමුත් මගේ පෞද්ගලික ඉල්ලීම තමයි නිවැරැදිම කෙනා සහ නිවැරැදිම වයස ඔබ තෝරාගන්න.අවබෝධ කරගන්න.එතකොට ඔබට පුළුවන් නිවැරැදිම දේ අවබෝධයෙන් කරන්න. මොකද මේක ලංකාව නිසා. ඔබ තවමත් කිසිම පිරිමියෙකු සමඟ ලිංගික ක්රියාවේ නොයෙදුනු අවිවාහක කාන්තාවක් නම් ස්වයංවින්දයේ යෙදීමට පෙර දෙවරක් සිතන්න.? … කන්‍යාභාවය රැකගෙන ඔබට ඔබේ ලිංගික අවයව තෘප්තිමත් කරගෙන යම්තාක් දුරට ඔබට ස්ව්යංවින්දනය තුළ යෙදීමට හැකිනම් ඔබට විවාහ වනතුරු ලිංගික හැඟීම් සමබර කරගනිමින් අවේගයන් පාලනය කරගනිමින් මානසික වශයෙන් එම පීඩනයෙන් මිදීමට එය හොඳම ක්‍රමයක් යන්න මගේ අදහසයි.
විවාහක අයට තියෙන ප්රශ්නය තමයි ගොඩක් වෙලාවට විවාහයෙන් පස්සෙ දරුවන් ලැබුණට පස්සෙ ස්වාමියා සමඟ යහන්ගත වීමට වෙලාව වෙන් කරවා ගැනීමට නොහැකිවීම. ඒක බරපතල කාරණයක්. ආධ්‍යාත්මික බැඳීම්කට එහා ගිය ලිංගිකත්වය කියන බැඳීම තුළ තමයි විවාහය සමබරවෙන්න ප්‍රධාන කරුණ විදියට මෙය බලපාන්නෙ. තම ස්වාමියා නිවසේ සිටීනම් තම ලිංගික අවශ්‍යතාවය ඔහු හා සකච්ඡා කර දෙදෙනා ලිංගික ක්රියාවේ යෙදී අවබෝධයෙන් පවුල් ජීවිතය ඉදිරියට අරගෙන යාම තමයි වැදගත් වෙන්නෙ. එහෙම නැති අවස්ථා වශයෙන් ආරක්ෂක අංශයේ රැකියා කරන, මසකට වරක් රැකියාව කර නිවසට පැමිණෙන සහකරුවන් සිටින කාන්තාවන් ඒ වගේම පිටරටක රැකියාව කරන ස්වාමියෙන් සිටින කාන්තාවන් තමයි වැඩි වශයෙන් මේ ගැටළුවට මුණුණ දෙන්නෙ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි කාන්තාව අනියම් සම්බන්ධතාවන්ට මුල පුරන්නෙ. ඒ තුළින් තමයි පවුල් ජීවිතය දෙදරා ගොස් පවුල විසිරිලා ගිහින් දරුවො අන්තිමට දුක් විදල විසිරුණු පවුල් තුළින් රටට බරක් වෙන දරුවො බිහිවෙන්නෙ.මේක බරපතල කාරණාවක්. කාන්තාව හරියට විදුලි ඉස්තිරික්කයක් වගෙයි එන්න එන්න විදුලි ඉස්තිරික්කයේ උණුසුම වැඩිවෙනවා සේම ඇයගේ හැඟීම් උද්දීපනය වීම තුළ නිමාවක් නැහැ. පුංචි ටච් එකකින් උනත් යම් අවස්ථා වල ඔවුන්ව උද්දීපනය කරන්න පුළුවන්.ඒ විදියට තමයි ඔවුන්ගෙ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නෙ ස්වභාවිකවම.
මේ හේතු කාරණා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළොත් මම හිතන්නෙ විවාහක කාන්තාවකට යම් සුළු වේලාවක තෘප්තියක් වෙනුවෙන් වෙනත් අසම්මත සබඳතාවයකට මුල පුරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නෙ නැහැ කියන තැන තමයි මම ඉන්නෙ. ඒ තුළින් වෙනත් කාන්තාවකගේ පෙම්වතෙක්, ස්වාමියෙක් සමඟ අනියම් ඇසුරකට යාම නවතා දමා තවත් කුරුලු කූඩුවක් ආරක්ෂා වේ යැයි මගේ හැඟීමයි. මන කතා කරන්නෙ කාන්තා පාර්ශවයන් සම්බන්ධයෙන් පමණයි. මේ සියළු කාරණා වලට සෘජුව සහ වක්‍රව බලපාන වෙනත් කරුණුත් ඇති බව තරයේ සිහි තබා ගත යුතුයි. අපි මොන තරම් දේවල් කොහොම කතා කරත් කාන්තාව කියන්නෙ තත්පරයෙන් තත්පරය වෙනස් වන තැනැත්තියක් නිසා ඔවුන්ගේ සිතිවිලි සහ හැඟීම් විවිධාකාරයි. විවාහක කාන්තාවට නම් ස්වයංවින්දය තුළ යෙදීමේදී කිසිදු ගැටළුවක් මතු වන්නේ නැහැ. මොකද ඇයට ඇයගේ රසතැන් ස්පර්ශයකින් තෘප්තිමත් කර ගැනීම තුළින් තෘප්තිමත් විය නොහැකිනම් ඇයට ඊළඟ පියවර වෙත යා හැකියි. ඇඟිලි තුඩු වලින් ඔබ්බට ගිය ඒ සඳහා විද්‍යානුකූලව නිෂ්පාදනය කරන ලද ලිංගික උත්තේජනය ඇති කරගැනීමට නිර්මාණය කරන ලද විවිධ උපකරණ වෙළද පොළ තුළ දැකිය හැකියි. විවිධ කම්පන තරංග සහිත උපකරණ. ” සෙක්ස් ටෝයිස්” කියල සාමාන්‍ය ව්‍යවහාරයේදී අපිට අසන්නට ලැබෙන්නෙ ඒවා තමයි. ලංකාවෙ නම් සාමාන්‍ය වෙළදපොළ තුළ මම ඒවා දැකල නැහැ. අහලත් නැහැ. නමුත් ගොඩක් වෙලාවට “ඔන්ලයින් ඕඩර්” ක්‍රමය මගින් අන්තර්ජාලය තුළ පවතින විවිධ ව්‍යාපාරික ආයතන මගින් ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්.(මම දන්න තරමට ලංකාවේ නීතියෙන් තහනම් ❎) මොකද මේ වෙනකොට තාක්ෂණය ගොඩක් දියුණු නිසා. මම මේ කාරණය සඳහන් කරන්න හේතුව තමයි බොහෝ කාන්තාවන් ඇඟිලි තුඩු වල පහස තුළින් ස්වයංවින්දනය කරගැනීම තුළ උච්චතම අවස්ථාවකට ආවම අමතකයි ලිංගේන්ද්‍රිය කියන්නෙ ගොඩක් සියුම් තැනක් කියන කාරණය. ඒ වෙලාවට කිසිදු මොහොතක එළවළු වර්ග(බටු, කැරට්), අහල පහල තියෙන වීදුරු බෝතල්, වැනි ද්‍රව්‍ය කිසිදු මොහොතක යෝනි මාර්ගයට ඇතුල් කරල තෘප්තියක් ලබන්න උත්සාහ කරන්න එපා. හේතුව විවාහක අයනම් තම ස්වාමියාගේ ලිංගික අවයවට වඩා ප්‍රමාණයෙන් විශාල දෙයක් යෝනියට ඇතුල් කර වින්දනය ලැබීමට පෙළඹීම මඟින් ස්වාමියා/සහකරු සමඟ යහන්ගතවීමේදී ඔබට තම ස්වාමියාගෙ ලිංගික අවයවයේ ප්‍රමාණය මදි යැයි හැඟෙන්න පුළුවන් නිසා ඔබ එමඟින් ගැටළු රාශියකට මුහුණ දේවි.එය ඉතාමත් බැරෑරුම් තත්ත්වයක් නිසා තමයි මුලින්ම කිව්වෙ ගොඩක් අවබෝධයෙන් මේ ක්රියාවේ නිරත විය යුතුයි කියන කාරණය.මොකද ඔබ මේ ක්රියාවේ නිරත වීමට පෙර ඔබ ඉතාමත් පරිස්සමින් ඔබේ ලිංගික අවයව තෘප්තිමත් කරගන්න උත්සාහ කරන්න. ඔබේ ලිංගේන්ද්‍රිය අවට තුවාල වීම,ඔබේ දෑත්වල අපිරිසිදු බව නිසා ලිංගේන්ද්‍රියට විසබීජ ඇතුල්වීමට පවා ඉඩ ඇති බව අමුතුවෙන් කිව යුතු නැතැයි මගේ අදහසයි.
මේ පිළිබඳ තවත් කාන්තාවන් අතර තියෙන වැරදි මත තමයි, දරුවන් ලැබීම හා ස්වයංවින්දනය අතර සම්බන්ධයක් තියෙනවද කියන කාරණය. මම නම් සොයාබැලූ කාරණා සමඟ බලනකොට එහෙම තත්ත්වයක් ඇති වන්නේ නැහැ. එය තමන්ගේ ලිංගික අවයව තෘප්තිමත් කර ගැනීමක් පමණයි. ඒ තුළින් ගර්භාෂට හානියක් සිදුනොවන බව තමයි මගේ අදහස.
අනෙක් කරුණ තමයි ස්වයංවින්දනය යෙදීම තුළින් අන්ධභාවයට පත් වීම කියන කාරණයත් ඇතැම් අය විශ්වාස කරනවා.ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා පවා. ඇත්තටම මම සොයාගත් කරුණුත් සමඟ බලද්දිනම් ඒක තනිකරම මුසාවක් විද්‍යාත්මකව ඒ තුළ කිසිඳු සත්‍යතාවයක් නැහැ.
කිසිම මානසික වේදනාවක් ඇති නොවේ.ඒ වගේම සෞඛ්‍යයට අහිතකර නොවේ. හේතුව තමයි ඇතැම් අය විශ්වාස කරනවා ස්වයංවින්දනය තුළ යෙදීම මඟින් ශරීරය කෙට්ටු තත්ත්වයට පත්වන බව. ඒ තුළ නම් ඇත්තටම විද්‍යාත්මකව කිසිම සත්‍යතාවයක් නැහැ. නමුත් ඇබ්බැහිවීම තුළ, මානසික වශයෙන් ඒ පිළිබඳ කල්පනා කිරීම, හරිහැටි ආහාර අනුභවය නොමැතිව මානසික වශයෙන් ඒකට ඇලී ගැලී ඒ තුළම නිරතවීම තුළින් කෘෂ භාවයට පත් වීමේ අවධානමත් තිබේ.එය හොඳ තත්ත්වයක් නොවන අතර ඒ තුලින් විශාල ගැටළු රාශියකට මුහුණ දීමට ඔබට සිදුවේවි.
නොසන්සුන් භාවය නොවිසිලිමත් භාවය පහවී යයි.එහෙම කියන්න කාරණය තමයි මුලින් කිව්වා වගේ කාන්තාව කියන්නෙ සීමා රහිතව ලිංගික හැඟීම් උද්දීපනය වන කෙනෙක්. ඉතින් එහෙම අවස්ථාවක එවැනි අවශ්‍යතාවයක් තැනක් නොතැනක් නොබලා ඇති නොවී ඉවසීමට හැකි තත්ත්වයට ඇය පත්වේවි. අසීමිත ලිංගික අශාවන් පහව යාවි. එවිට මානසික වශයෙන් ඇයට සහනයක් ලැබේවි. ලිංගික ක්රියාවේ නිතරම නිරත වීමට අවශ්‍ය යැයි කියන කයට සහ මනස සැහැල්ලුවක් ලැබේවි.
මෙය ගැටලුවක් වන්නේ තමන්ගේ වැඩකටයුතු අහිමි කරගෙන මෙයට ඇබ්බැහි වුවොත් පමණි.මෙය රෝගයක් වෙන්නේ එවිටය.එහිදී මෙය නතර කරගැනීමට අපහසු වන තරම් ඇබ්බැහි වුවොත් මේ සඳහා උපකාර ඔබට අවශ්‍ය වේ.
——————————————————-
?ඊළඟ ගැටලුව තමයි මේක ලිව්ව එකී ස්වයංවින්දනයේ යෙදෙනෙවද…??
නැහැ. කිසිසේත්ම නැහැ. මානසික ශාරීරික වශයෙන් මම යහපත් මට්ටමකට ඉන්නෙ. සමාජයේ මිනිස්සු අතර තියෙන ප්‍රශ්න තමයි මම ගලපල මේ විදියට ලියන්න..
?අනෙක් කාරණය මේකි කොල්ලෙක් ද..? කෙල්ලෙක් ද..?
නෑ මම කොල්ලෙක් නෙවෙයි. ගැහැණු ළමයෙක්…
?අනෙක් කාරණය මේක මම පැහැදිලි කරා විතරයි . කිසිවෙක් මේ කාර්යයට රෝගයක් වන මට්ටම ඇබ්බැහි වෙලානම් කරුණාකර වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.. ?
?මේක ලියපු එකී සමලිංගිකද කොහෙද…?…එහෙමත් හිතයි සමහරු.. අනේ නෑ මට විරුද්ධ ලිංගිකයන් සම්බන්ධයෙන් පමණයි හැඟීම් ඇති වෙන්නෙ..
ප්‍රශ්න ඉවරද…??
එහෙනම් එල ??
ලයික් කමෙන්ට්ස් කරන්න අවශ්‍ය නැහැ. කියවපන් හොරෙන් හරි..
පෝස්ට් එක ඉස්සුවට කමක් නැහැ. හැබැයි පෝස්ට් එක විකෘති කරන්න එපා. ✋ කෑලි බෑලි මැදින් උඩින් යටි ඇඩ් නොකර එහෙම්ම උස්සහන්.ඒක අවුලක් නැහැ. ???
?අවසානෙට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,
තමන්ගෙ මිනිහ දුරක රැකියාවක් කරනවනම්, පිටරටක ඉදල අවුරුදු ගාණකින් එනවනම්, උඹ ඔෆිස් යන බස් එකේ නාදුනන මිනිහෙක් එක්ක අසම්මතේ පැටලෙනවට වඩා, උදේ කෝච්චියෙ කාගෙ හරි අහිංසක ගෑණියෙක්ගෙ මිනිහෙක් අල්ලගෙන ජවුසන් නටනවට වඩා, නයිට් ඩියුටි කිය කිය වෙන ගෑණියෙක්ගෙ මිනිහෙක් එක්ක ලැඟුම්හල් වලට යනවට වඩා, අහිංසක කුරුලු කූඩු කඩා විසුරවනවට වඩා #ස්වයංවින්දනයෙ යෙදෙන එක #රෙස්පෙක්ට් ??
——————————————————————
ස්තුතියි ?
✍️ප්රභාවී ?
This is the one and only positive sex educational website in south asia and written in Sinhala [සිංහල], Tamil [தமிழ்] and Urdu [ हिन्दी] languages.