fbpx

උපත් පාලනයට එන්නත හොඳද? නරකද?

Sex Positive

කාන්තාවන් සඳහා වන සාර්ථක උපත් පාලන එන්නත් ක්‍රමවේදයකි DEPO PROVERA ලෙස හඳුන්වන්නෙ. මෙය ප්‍රොජෙස්ටරෝන් හා සමාන හොර්මොනයකින් නිපදවා ඇත. මෙම එන්නත වෛද්‍යවරයා විසින්  අතට හෝ තට්ටම් ප්‍රදේශයට එන්නත් කරනු ලැබේ. එක් එන්නත් කිරීමක් සති 12ත් 14ත් අතර ප්‍රමාණයකට සෑහේ. එහෙත් පුර්ණ ආරක්ෂාවක් ලබා ගැනීමට නම්  සති 12ට වරක් මෙම එන්නත ලබාගත යුතුය. වඩාත් සාර්ථක උපත් පාලන ක්‍රමවේදයක් හැටියට පෙන්වා දෙන මේ එන්නත ගැන පුළුල් අවබෝධයක් පාඨක ඔබට ලබාදීම මෙහි අරමුණයි.  


කොපමණ කාලයකින් එන්නත  ක්‍රියාත්මකවීම ආරම්භ වන්නේද?


කාන්තාවක් ඇගේ මාසික ඔසප් වීමේ පළමු දින පහ ඇතුළත මෙම එන්නත ලබා ගතහොත් එය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මකවීම ඇරඹෙයි.


ඵලදායීතාවය කොපමණද?


මෙයින් 99%ක් ම ගැබ්ගැනීම වළක්වා ගත හැකි බව කියයි.


ඕනෑම කාන්තාවකට භාවිත කළ හැකිද?


සාමාන්‍යයෙන් මෙය බොහෝ කාන්තාවන් සඳහා සුදුසුය. එහෙත් පහත රෝග ඇති කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.


හඳුනාගත නොහැකි ලෙස යෝනියෙන් ලේ වහනය වීම, අක්මාවේ රෝග, පියයුරු පිළිකා, රුධිරය කැටිගැසීම්, වයසින් අඩු නව යොවුන් වයසේ සිටින තරුණියන් හා ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) ඇති කාන්තාවන් මෙම එන්නත ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය යි.


අතුරැ ආබාධ මොනවද?


සමහර කාන්තාවන්ට විවිධ අතුරු ආබාධ ඇති විය හැකි ය. අක්‍රමවත් ඔසප් වීම හෝ ඔසප් වීම නතර වීම. හිසරදය, අලස බව ,මානසික ආතතිය, ක්ලාන්තය, කුරුලෑ, කෑම අරුචිය, බර වැඩිවීම, මුහුණේ සහ සිරුරේ අනවශ්‍ය රෝම ඇති වීම, හිසකෙස් ගැලවී යාම, අස්ථිවල ඛනිජලවණ ඝනත්වය අඩු වීම ඔසප් චක්‍රයේ ඇති වන වෙනස්වීම් මෙහි ප්‍රධාන අතුරු ආබාධයකි. මෙහිදී අක්‍රමවත් ලෙස රුධිරය පිට වීම සිදු විය හැක. මෙය වසරක් පමණ භාවිතයෙන් පසු කාන්තාවන්ගෙන් 50%ට පමණ ඔසප් වීම නතර වෙයි. ඔවුන් එන්නත් ලබාගැනීම නතර කිරීමෙන් පසු නැවත ඔසප් වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.


දිගු කාලයක් තිස්සේ Depo Provera ලබා ගැනීමෙන් ශරීරයේ අස්ථිවල ඛනිජලවණ ඝනත්වය අඩු වේ. එය ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කරයි. වසර දෙකකට වඩා ඔබ එන්නත ලබා ගන්නේ නම්, ඔබේ පවුලේ ඔස්ටියෝපොරෝසිස් පෙර සිටම ඇත්නම්, ඔබ දුම්පානය කරන්නේ නම් සහ මත්පැන් පානය කරන්නේ නම් ඔබට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩිය.


එන්නත  ගැනීම නැවැත්වීමෙන් පසු නැවත ගැබ් ගත හැකිද?


ඔබ එය  ගැනීම නවත්වා මාස 3ට හෝ 4ට පසු එනම් ඔබ අවසාන එන්නත ලබාගෙන මාස 3 ට හෝ 4 ට පසු ඔබට අවශ්‍ය විට නැවත ගැබ්ගත හැකිය. එහෙත් ඇතැම් කාන්තාවන්ට මෙවැනි උපත් පාලන ක්‍රම නවත්වා නැවත ගැබ් ගැනීම සඳහා වසරක් හෝ දෙකක් පමණ ගත වන අවස්ථාද ඇත. මෙම කාලය සහ ඔබ එන්නත ලබා ගත කාලය අතර සබඳතාවයක් නැත.


කොපමණ කාලයකින් එන්නත  ක්‍රියාත්මකවීම ආරම්භ වන්නේද?


කාන්තාවක් ඇගේ මාසික ඔසප් වීමේ පළමු දින පහ ඇතුළත මෙම එන්නත ලබා ගතහොත් එය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මකවීම ඇරඹෙයි.


ඵලදායීතාවය කොපමණද?


මෙයින් 99%ක් ම ගැබ්ගැනීම වළක්වා ගත හැකි බව කියයි.


 වෛද්‍ය චන්දන ධර්මරත්න
කළුබෝවිල ශික්ෂණ රෝහල


This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

Leave a Reply