logo
Info Sri Lanka | www.infosrilanka.lk

සජිත්ට, හැරිසන්ගේ හරක් අමතක වෙයි.

වර්තමාන අර්බූදය අතරතුර වත්මන් ආණ්ඩුව ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් 2500ක් ගෙන්වීමට නැවත වතාවක් තීන්දුවක් ගෙන ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේත් කිරිගවයන් ගෙන්වීමට කටයුතු කළ බවත්, ඒ හරහා එවකදී විශාල පාඩුවක් රටට සිදු වූ බවත්, ඒ හරහා හෝ ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන නැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

එම නිසා මේ කිරි ගව ගනුදෙනුව වහාම අත්හිටුවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ප්‍රේමදාස මහතා කොරෝනා අර්බූදය හමුවේ රට තවත් අගාධයට යොමු නොකරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

තමන්ගේ පක්ෂයේ හැරිසන් සහ විජිතමුණිගේ හරක්?

කෙසේ නමුත් පසුගිය ආණ්ඩුවේ කිරි ගවයන් භාරව සිටි හිටපු ඇමති පී. හැරිසන් මහතා මෙන්ම හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් කිරි ගවයන් ආනයනය කිරීමේදී විගණකාධිපතිවරයාගේ නිර්දේශ නොතකා කටයුතු කිරීමෙන් මිලියන ගණනක පාඩුවක් සිදුවූ අතර එසේ ගෙන්වන ලද ගවයන් රෝගී ගවයන් වීම නිසා එම ගවයන් මියයාම හේතුවෙන් ගවයන් මිලදී ගත් ගොවියා මහත් අසරණ භාවයකට පත් විය.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator