fbpx

උසස්පෙළ ඇගයීම් පරික්ෂකවරු සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට

EducationLocal

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීම සඳහා මාර්ගගත (online)ක්‍රමයට අයදුම් පත්‍ර කැඳවීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (online) ක්‍රමයට ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්/ සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතුය.

අනතුරුව බාගත කර ලබා ගත් අයදුම්පත්‍රය මුද්‍රිත පිටපතේ ඉතිරි කොටස් සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා මඟින් 2020.07.10 දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් (පාසල් විභාග) ශාඛාව වෙත ලැබීමට සැළැස්විය යුතුය.

දුරකතන අංක 0112785231 හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකිවේ.

Leave a Reply