Info Sri Lanka | www.infosrilanka.lk

බස් ප්‍රමුඛතා මංතීරුව යළිත් අද සිට

“අලුතින් පටන් ගමු, මහ මඟ විනය ඇති කරමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන බස්නාහිර පළාත් විෂේෂ රථවාහන සැලැස්ම යටතේ,
බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ මස 8 වන දින සිට විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව තුන්වන අදියර අද උදෑසන 06.00 සිට ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

මෙහි පළමු අදියර මොරටුව සිට කොළඹ කොටුව දක්වාත්, දෙවන අදියර බොරැල්ල සිට කොළඹ කොටුව දක්වාත් මේ වන විට ක්‍රියාත්මක වෙයි.

සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් වීදිය, මාළිඟාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වනු ඇත.

බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවන්වල දී එම මංතීරුව තුළ පුද්ගලික සහ ලංගම බස් රථ, ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස්රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථවලට පමණක් එය භාවිත කළ හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator