ලාංකේය ළමා කතා කලාවේ පුරෝගාමී රචිකාව වූ සිබිල් වෙත්තසිංහ මැතිනිය අභවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 93 වන වියේ පසු වූ ඇය ළමා කතාන්දර ජාත්‍යන්තරය කරා රැගෙන ගිය කෘතහස්ථ ලේඛිකාවකි.
පසුගිය දින කිහිපය තුළ රෝගී වී සිටීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි අතර ඊයේ(30) රාත්‍රියේ අභවප්‍රාප්ත වූ බව ඥාතීහු පවසා සිටියහ.
මැටි ගෙදර ළමයි, කුඩ හොරා වැනි අතිශය ජනාදරයට පාත්‍ර වූ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ඇයගේ අතින් රචනා විය.