පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දෙන බව අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස මේ සම්බන්දව සාකච්ඡා කළ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව ඉදිරියේ දී දරුවන්ට විභාග ආදිය සඳහා සුදානම් වීමට අවශ්‍ය කාලය කළමනාකරණය කරමින් විභාග කටයුතු පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධීපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දී ඇත.