මෙවර මහ මැතිවරණය සදහා ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කළ ශ්රී ලංකා නිදහස් පක්ෂයට අයත් අපේක්ෂකයින් 14 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ඒ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්රිපාල සිරිසේන සහ ලේකම් දයාසිරි ජයසේකරද සිටීම විශේෂයකි.
පොළොන්නරුව, කුරුණැගල, ගාල්ල, බදුල්ල, අනුරාධපුර, හම්බන්තොට, කෑගල්ල, මොණරාගල, ගම්පහ, යාපනය සහ වන්නි යන දිස්ත්රික්ක වලින් ශ්රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂයින් මෙලෙස මන්ත්රීවරුන් ලෙස තේරීපත්ව තිබේ. මේ අය ශ්රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකත්වය නොගත් අයය.
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජේලාල්, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, සාරතී දුෂ්මන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අංගජන් රාමනාදන් සහ කාදර් මස්ථාන් එලෙස ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කර ජයගත් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් ය.
මේ අතර මෙවර මහමැතිවරණයේදී ජනතාව මෙතෙක් පැවැති පරණ, වියපත් මුහුණු වෙනුවට අලුත් මුහුණු ඉල්ලූ අතර මේ වනවිට සියලුම පක්ෂවලින් 63%ක ප්රතිශතයක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව හෙළිව ඇත.
ඒ අනුව පොදුජන පෙරමුණෙන් මන්ත්රීවරුන් 128ක් තේරී පත්ව ඇති අතර ඉන් 64ක්, එනම් හරි අඩක් (50%) නවක මුහුණුය.
සමගි ජන බලවේගයෙන් මන්ත්රීවරුන් 47ක් තේරී පත්වූ අතර ඉන් නවක මුහුණු ප්රමාණය 6කි. එය ප්රතිශතයක් වශයෙන් 13%කි.
ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්රීවරුන් දෙදෙනෙක් තේරී පත්ව සිටින නමුත් ඒ දෙදෙනාම අලුත් මුහුණු නොව වසර ගණනාවක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ අයය.