fbpx

ඉඳුල් කරන්න එන්නැයි මෝඩිගෙන් මහින්දට අමුතු ආරාධනාවක්!

ForeignHotLocalMahinda RajapakseNarendra Modi

අලුතින් වැඩිදියුණු කරන ලද කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්වීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පණිවුඩයක් දැනුම් දෙමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පවසා සිටියේය.

මහ කොමසාරිස්වරයා මෙම ආරාධනය සිදුකර සිටියේ පසුගිය දා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග‍්‍රහණයෙන් පසු සිය සුබ පැතුම් ප‍්‍රකාශ කිරීමට අද (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වු අවස්ථාවේදිය.

අග්‍රාමාත්‍ය මෝදි බුදදහම ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බවත්, සංචාරක ක්ෂේත්‍රයේ පමණක් නොව පුරාවිද්‍යාව වැනි වෙනත් අංශවල ද ,ඒ හා සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මහ කොමසාරිස් බග්ලේ මහතා මෙහිදී පැවසීය.

මේ වන විට පුද්ගලයින් දහඅට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති එයාර් ඉන්දියා අනතුරින් පීඩාවට පත් වූ සියලු දෙනාට අගමැති රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේදි සිය ශෝකය ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව ජලය සහ සනීපාරක්ෂාව වැනි ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව ද සතුටු වන බව මහ කොමසාරිස් බග්ලේ මහතා පැවසීය.

අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර අගමැති මෝදිගේ දුරකථන ඇමතුම ලැබීම සතුටට කරුණක් බවද අගමැති රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ ජයග්‍රහණය හිරු උදා වනවා සේ විශ්වාස බව සඳහන් කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවයි.

Leave a Reply